Presidential-pardon-granted-to-Duminda-Silva-has-been-suspended

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව විසින් ගොනුකර තිබූ මූලික අයිතවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත්කර තිබෙයි.
දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඒ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නැවත සිරමැදිරියට යායුතුය.


2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් 2016 දී ඔහුට මරණ දඬුවම නියමව තිබුණු නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු 2021 ජුනි 24 වනදා ඔහුට ජනපති සමාවක් ප්‍රදානය කර නිදහස් කළේය.
එම තීරණය ගැන මියගිය භාරතගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අද අධිකරණය දන්වා සිටියේ නඩුව විභාගය අවසන් වනතුරු දුමින්දගේ ජනපති සමාව අවලංගු වන බවයි.
ඒ අනුව දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වනු ඇත.


2021 දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබූ අතර ඔහු පසුගිය කාලයේ විදේශ ගතවූ බවටද වාර්තා පළ විය.
අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයද යළි කඳවීමටද නියෝග කර තිබේ.
ඔහු විදේශගතව සිටීනම් නැවත සිරගත කරන්නේ කෙසේද යන්න ගැන අධිකරණය වෙත පොලිසිය නැවත වාර්තා කළ යුතුව තිබේ.