
වෙන්කළ ආසන සදහා වන දුම්රිය ගාස්තු වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම නව සංශෝධිත ගාස්තු ලබන පළමු වැනිදා (1) සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පැවසීය. ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පළමු පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා ගාස්තුව රුපියල් 2500ක්, දෙවන පන්තියේ ගාස්තුව 1500ක්, තුන්වන පංතියේ ගාස්තුව රුපියල් 1000ක් ලෙසත් කොළඹ කොටුව සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා වෙන් කළ ආසනයක් සඳහා ගාස්තුව පළමු පන්තිය සඳහා රුපියල් 1300ක්, දෙවන පන්තිය සඳහා රුපියල් 800ක්, තුන්වන පන්තිය සඳහා රුපියල් 500ක් ලෙස ඉහළ නංවා තිබේ.
උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා නගරාන්තර පළමු පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 2800 කුත්, දෙවන පන්තියේ වෙන් කළ ආසනයකට රුපියල් 1900ක්, තුන්වන පන්තිය ආසනයක් 1500ක්, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසන සඳහා රුපියල් 2300ක්, දෙවන පන්තිය සඳහා රුපියල් 1200ක්, තුන්වන පන්තිය සඳහා රුපියල් 900ක්, මන්නාරම රාත්‍රී තැපැල් දුම්රිය සඳහා වෙන් කළ ආසන ගාස්තුව පළමු පන්තිය සඳහා රුපියල් 2300ක්, දෙවන පන්තිය සඳහා රුපියල් 1400කුත් තුන්වන පන්තිය සඳහා රුපියල් 1000කුත් ලෙස ඉහළ නංවා ඇත. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුව සිට බෙලිඅත්ත දක්වා පළමු පන්තියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල් 1300ක් අය කරන බව ද පොත්තගේ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය ගාස්තුව, පාසල් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බව ද ඔහු පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval