akmeemana-murder

පවුල් ආරවුලක් දුරදිග යමන් අක්මීමණ, අංකොක්කාවල ප්‍රදේශයේ දෙදරු මවක් ඇගේ සැමියා විසින් පෙරේදා (03) පස්වරුවේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවත් සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බවද අක්මීමණ පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, අක්මීමණ පරණ කන්තෝරුව ගෙදර, අංකොක්කාවල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක වන රන් සම්මානි රාප්ප (අවු.31) නමැත්තියකි. ම

ෙම යුවළ අතර දැනට වසරක පමණ කාලයක සිට පවුල් ආරල් තිබී ඇති බවත්, පෙරේදා (03දා) පස්වරුවේදි කාන්තාව විසින් තම දරු දෙදෙනා සමග මාලඹේ ප්‍රදේශයේ පිහිටි තම මවගේ නිවසට යන බව පවසා ඇති අතර, එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් දුරදිග යවමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිය ඝාතනය කර ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.

එම පහරදීම සිදුකරන විට අවුරැදු 12 හා 08 හැවිරිදි වියේ පසුවන දරු දෙදෙනා නිවසේ සිට ඇති බවද හෙළි වී තිබේ. සැකකාර සැමියා 37 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථ රියදුරෙකි. පිහි ඇනුමෙන් පසු ඔහු දරු දෙදෙනා සමග ත්‍රිරෝද රථයන් තම නැගණියගේ නිවසට ගොස් දරු දෙදෙනා නැගණියට භාරදී ත්‍රිරෝද රථයද එහි නවතා පොලීසියට ගොස් භාර වී ඇත.

මියගිය දෙදරු මවගේ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පෙරේදා (03දා) රාත්‍රී ගාල්ල වැඩබලන මහේන්ස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් සිදුකරනු ලැබීය.  සිද්ධිය සම්බන්ධයෙන් අම්ම පොලිස් ස්ථානාධිපති මදුරජේම, අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක් ශ්‍රී යන මහත්වරුන් ඇතුළු නිලධාරි වැඩිදුර පරික්‍ෂණ පවත්වති.


 රවිඳු දියගහගේ