gnanakka-speaks

පසුගියදා සිය නිවස කාර්යාලය දේවාලය ඇතුළු වටිනා වත්කම් ගින්නට හසුවී විශාල අලාභයකට ලක්වූ ඥානවතී ජයසූරිය හෙවත් ඥානා අක්කා (66) නමැති ජ්‍යොතිෂ්‍ය ගුරුකම් වැඩ වල නිරත කාන්තාව මුල්වරට සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවකින් සිය අදහස් හෙළි කර තිබේ.
තම දියණිය නදීෂානි, බෑනා හා ඥාතීන් සමග සිටිමින් සාකච්ඡාවට එක්වූ ඥානක්කා සිදුව ඇති විනාශය ගැන විස්සෝපයෙන් කතා කළාය. දේශපාලකයින් හා සමීපව සම්බන්ධවී රටේ සිදුවන කටයුතු මෙහෙයවන අදිසි හස්තයක් ලෙස ඇතැමුන් විවේචනයට ලක්වන ඥානක්කා මෙම සාකච්ඡාවේදී තමා කිසිදු දේශපාලකයෙකුගෙන් සතයක්වත් ලබා ගෙන නැතැයි දිවුරා කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන්ගේ බලතල භාවිත කිරීම ප්‍රතික්ෂේප කරන ඇය හිටපු රෝහල් සේවිකාවකවූ  තමා තමාගේ දහඩිය, මහන්සිය සහ කඳුළින් ගොඩනගාගත් සියල්ල දැන් විනාශ වී ඇති බවද එහිදී පවසයි.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍ර ගුරුකම් හෝ මිත්‍යා විශ්වාසයන්ට මඟ පෙන්වීමට උත්සාහ කළ බවද ඇය ප්‍රතික්ෂේප කරයි. තමා බෞද්ධ ඉගැන්වීම් පිළිපදින කෙනෙකු ලෙස පවසන ඇය දේශපාලන හෝ හමුදා අනුග්‍රහයෙන් තමාට ප්‍රතිලාභ කිසිවක් ලැබී නැතැයිද පවසයි.
 මැයි 9 වනදා රාත්‍රියේ ඇයගේ නිවස කොල්ලකා ගිනිබත් කර තිබුණි. පැල්පතක සිට පුද බිමට නුදුරින් පිහිටි ඇගේ දෙමහල් කාමර පහකින් යුත් නිවස දක්වා, තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම දක්වා, ඇය ඉහළට ආවේ ඇගේ ධෛර්යය මත බව ඇය පවසයි.
ඇයගේ පිහිට පතන අය ඇය හමුවන ඇගේ නිවස ආසන්නයේ පිහිටි ස්ථානය ඉසුරුපුර පිහිටා ඇත. අනුරාධපුර රෝහලේ සිට ගුවන්තොටුපළ පාරෙන් කිලෝමීටර් හතරක් පමණ දුරින් එම ස්ථානය පිහිටා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කිරීම සම්බන්ධයෙන් ඇය විසින් උපදෙස් ලබා දෙන බවට ජනතාව නගන චෝදනා පිළිබඳ ඥානා පවසන්නේ කිසිදු දේශපාලන ප්‍රශ්නයක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවයි. ඒ සියල්ල පුද්ගලික කාරණා බව ඇය කියයි.

නමුත් එතකොට විධායක ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික කාරණා ගොඩක් දේශපාලන කාරණාත් නෙවෙයිද?  විමසද්දී ඇය පවසන්නේ ‘ඥාන මැණියෝ’ ලෙස තමා ආවේශයකින් ජනාධිපතිවරයාට හෝ කුටියේ (ඇගේ කාමරයේ) වෙනත් කිසිවෙකුට ලබා දුන් ආශිර්වාදය සහ මග පෙන්වීම
එම කාර්යය නිමවූ පසු සාමාන්‍ය පුද්ගලයෙකු වන ඥානවතී ලෙස තමාට මතක නැති බවයි.

"මෑණියෝ වෙනවා, අම්මා වෙනවා", ඇය පැහැදිලි කිරීමක් මේ ගැන කරන්නීය. චෛතසික බලය ඇති තැනැත්තා මැණියෝ වන බවත් එකම පුද්ගලයා වුවද මම ඒ වෙලාවේ සාමාන්‍ය පුද්ගලයාට වඩා වෙනස් ඇය කියන්නීය.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මීට වසර 12-13 කට පමණ පෙර සිට පුදබිම නැරඹීමට පැමිණි බවත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගත් කාලයේ සිට බවත් ඇය කියයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් පැමිණ තිබෙන බවද කියන්නීය. වත්මන් ජනාධිපතිවරයා සතිපතා සංචාරය කරන නමුත් හැකි සෑම විටම පැමිණි  බව බොරු යයි ඇය ප්‍රතික්ෂේප කරයි. ඔහු දැන් නම් මාස ​​ගණනකින් පැමිණියේ නැත, ඇය පවසයි.



ජනාධිපතිවරයාගේ පවුලේ උදවිය පුද බිම අතුගාන බවටත්, අසුන්ගෙන සිටින ජනාධිපති හිමිදිරි උදෑසන ඇය අතින් නාවන බවටත් කෙරෙන ප්‍රකාශයන් මොනවාද? "එහෙම නෑ...එහෙම දෙයක් නැහැ..‘ඇය කියන්නීය.
"මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ - මගේ පුද බිමේ නාන්න තැනක් නැහැ" නමුත්  බෙහෙත් දීමට උදව් කරන බව ඇය පවසයි.

ඥානා ජනාධිපති ආර්යාව ගැන ප්‍රශංසාවෙන් කථා කරන්නීය. යුවළ ඇයව බැලීමට පැමිණෙන්නේ කෘතවේදී හැඟීමක් නිසා සහ සමීප බැඳීමක් ඇති නිසා බවද ඇය පැහැදිලි කරයි.

ප්‍රභූවරුන් සඳහා ඇයගේ කාර්යයන් ඉටු කිරීම සඳහා හෙලිකොප්ටරයකින් රැගෙන යන බවට එල්ල වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරයි.  ඇය පිටරට සිට විශේෂයෙන් ගෙන්වන ලද විදේශීය මල් පෙති වලින් සාදන ලද මතුරන ලද ජලය ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්  විසුරුවා හැරීම සඳහා බෙදා හැරීමට යැව්වේ නැති බවද කියන්නීය. “මම ඒ දේවල් කරන ජාතියේ කෙනෙක් නෙවෙයි,” ඇය තරයේ කියා සිටියාය.
ආණ්‌ඩුවේ නායකයන් අයහපත් පැත්තට තල්ලු කිරීමට ඇය කිසිවක් කරන්නේ නැහැ යයි පවසා ඇත.

ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලිසෑයට සමීපව සඳ හිරු සෑ විහාරස්ථානය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇය බලපෑමක් කරේ නැතැයිද කියන්නීය.



සේවයේ නියුතු සහ විශ්‍රාමික ජෙනරාල්වරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු හමුදාවේ ඉහළම නිලධාරීන් නිතර ඇය හමුවට පැමිණ ඇති බව පවසන ඥානා හමුදාව සමඟ වෙනත් කිසිදු සම්බන්ධයක් නැතැයි ඒ කතා ප්‍රතික්ෂේප කරයි - "මට ඔවුන් පැමිණීම නවත්වන්න බැහැ," ඇය පෙන්වා දෙයි.

තමන්ගේ ස්ථානය ජනාධිපතිවරු කිහිප දෙනෙක්, හමුදාපතිවරු කිහිප දෙනෙක්, ව්‍යාපාරිකයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරු, නීතිඥවරු, සාමාන්‍ය ජනතාව ඇතුළු ප්‍රබල දේශපාලඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් පැමිණෙන පොදු භූමියක් බව ඥානා කියන්නීය. . සමහර දිනවල භික්ෂූන් වහන්සේලා 25-30ක් පමණ වැඩම කර ඇති බවත් එහි වාර්ගික භේදයක් නොමැති බවත් ඇය කියයි.

තමන්ට එරෙහි අවලාද කතාවලට ඇයගේ හෘදසාක්ෂිය ඇයගේ "විශාලතම" ශක්තිය වන බව පවසන ඥානක්කා ඕනෑම පරීක්ෂණයක්  සඳහා පෙනී සිටීමට කැමැති බවද කියා සිටින්නීය.

- සන්ඩේ ටයිම්ස් - කුමුදුනී හෙට්ටිආරච්චි ලියූ ලිපියක් ඇසුරිනි