
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා පත්වී තිබේ.
ඇය කන්ර්වේටිව් පක්ෂය. නියෝජනය කරමින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත. කන්ර්වේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ බසුබෑමකට ලක්ව තිබියදීත් ඡන්දදායකයන් 8,647ගෙන් ප්‍රකාශිත ඡන්ද 31.18%ක ප්‍රතිශතයකින් ඡන්ද 1,167ක් ලබාගනිමින් ඇය ප්‍රථම ස්ථානයට පත් වී තිබේ.
ශස්නා මුසම්මිල් මහත්මිය එක්සත් රාජධානියේ කාඩිෆ්මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් එම්.බී.ඒ. උපාධිය හා එරට විවෘත විශ්වවිද්‍යාලයෙන් එම්.එස්. සී. සංවර්ධන කළමනාකරණය උපාධිය හදාරා තිබෙන අතර, ඇය එරටදී සමාජ සේවිකාවක් ලෙසද කටයුතු කර තිබේ. ශස්නා මුසම්මිල් මහත්මිය ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී කොළඹ මහනගර සභාවේ නගරාධිපතිගේ පෞද්ගලික ලේකම් වශයෙන් හා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙසද කටයුතු කර ඇත.






Comments
Post a Comment
Your comment will be visible after approval