
පසුගිය 9 දා රාත්‍රී අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ‘ඥාණා මෑණියෝ“ හෙවත් ඥානක්කා නමැති කාන්තාවකගේ නිවසට හා හෝටලයට පහරදී දේපොළ සොරා ගෙන ගිනි තබා විනාශ කරන ලද සිදුවීමට සම්බන්ධ බවට සැක පිට
පුද්ගලයන් අටදෙනකු ඊයේ (15 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසා තිබේ.
අනුරාධපුර වන්නියන්කුලම, කීරික්කුලම, තම්මැන්නාපුර සහ මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගල නිවාස සෝදිසි කිරීමේදී රූපවාහිනි යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් හමුවී ඇත.
සොරකම් කරන ලද රූපවාහිනි යන්ත්‍ර තුනක්, මේස ලාම්පුවක් සහ එම දේවාලයේ තිබී සොරා ගන්නා ලද තඹ ලෝහයෙන් නිමවන ලද අලියකුගේ ප්‍රතිමාවක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval