curfew-message-monday16

5pm update
අද(16) දිනයේදී ඇඳිරි නීතිය පැනවෙන කාලය සංශෝධනය කර තිබේ. ඒ අනුව අද(16) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලබන අතර හෙට (17) අලුයම 5.00ට ඇඳිරි නීතිය ඉවත් කෙරේ. මීට පෙර දන්වා තිබුණේ අද රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවෙන බවකි.
2pm update
අද (16) රාත්‍රී  දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


පසුගියදා ඇතිවූ ප්‍රහාර වලින් පසු මහජන කැළඹීම් මැඩපැවැත්වීමේ අරමුණින් පැය කිහිපයක විරාම ලෙස ඇඳිරි නීතිය පැනවුවද මේවනවිට තත්වය බොහෝදුරට පාලනය වී ඇති නිසා රාත්‍රී කාලයට පමණක් බල පැවැත්වෙන ඇඳිරි නීතියක් පනවා ප්‍රහාර සංවිධානය කිරීමේ ඉඩ අවුරා ඇත.


මෙම ඇඳිරි නීතිය හේතුවෙන් හෙට 17 දින සිට ඇරඹෙන සතියේ රාජකාරී හා පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවහිරතාවයන් ඇති නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දුම්රිය සියල්ල ධාවනය වන බවට දැනටමත් දන්වා ඇති අතර බස් රථ ධාවනය අද දින ලැබෙන ඉන්ධන ප්‍රමාණ අනුව තීරණය වනු ඇතැයි පුද්ගලික බස් රථ හිමියන් දන්වා ඇත.
ජනපති මාධ්‍ය අංශ නිවේදනය පහතින්