
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් සිය දෙවැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට පෙනෙන මානයේ තිබී දැවී ගියේ බංග්ලාදේශ කණ්ඩායමෙන් ලබාගත් වැඩිම කඩුලුලාභියා වන නයීම් හසාන් යොමු කළ පන්දුවකට උඩපන්දුවක් ලබාදීමෙනි.
199ක් පන්දු 397කට මුහුණදෙමින් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ඉහළින් එසවූ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 19 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේශ් චන්දිමාල් ලකුණු 66ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්ද
රැස්කර ගත්තේය.
සියල්ල දැවී ශ්‍රී ලංකා ඉනිම 397 කට අවසන් කළේය. බංග්ලාදේශ ඉනිම දැන් ආරම්භවී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval