ali-sabri-speech

අද (04) පාර්ලිමේන්තුවේ දී දීර්ඝ කතාවක් කරමින් මුදල් ඇමති අලි සබ්‍රි පවතින ආර්ථික අර්බුදය ගැන හා ඉදිරියේදී කළ යුත්ත ගැන පැහැදිලි විස්තරයක් කළේය. මෙහිදී ඔහු වත්මන් රජයේ වැරදිද අවංකව පිළිගත්තේය. රට මුහුණපා ඇති දරුණු ආර්ථික ගැටලුව තේරුම් ගැනීමට එම අදහස් වැදගත්ය.
පහත පළවන්නේ එම සම්පූර්ණ කතාවයි.

''අපි අපේ ප්‍රමාණයට වැඩිය කාලා තියෙනවා.ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අවුරුදු 51ක් තිස්සේ ටොප්අප් වෙනකොට තව ක්‍රෙඩ්ට් කාඩ් එකක් අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පළවෙනි ක්‍රෙඩිට් කාඩ් එක ගෙවලා ජීවත් වෙලා තියෙන්නේ අනිතිමේදි අපි දැන් රිබ් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ගන්න බෑ.ඒ අනුව අපේ ණය ගෙවීමේ හැකියාව නැති නිසා සාමාන්‍ය මාකට් එකෙන් මුදල් නැවත ණය ගැනීමට බැරිවෙලා තියෙනවා.

පසුගිය අවුරුදු පහ තුලත් බිලියන 15ක් අරගෙන 11ක් ගෙවලා තියනවා.අපි එක සතයක්වත් අරගෙන නෑ ඒකට හැකියාවකුත් නෑ.කරුණු තුනක් උඩ ඉතිහාසය පුරාම ගොඩ ගැසුණු මහා ණය කන්දරාව යැපුම් මානසිකත්වය මත සියලුම රජයන් මිනිස්සුන්ට බිලි පිත්තක් දෙනවා වෙනුවට ඒ වෙලාවේ සංතෝසය ලබාදීලා කාලයක් තිස්සේ ණය බරිත කරපු එකේ ප්‍රතිඵලය එක.දෙක පහුගිය අවුරුදු දෙක තුනක කාලයක් තුලත් ගත යුතුව තිබු යම් යම් තීන්දු තීරණ වැරදි ප්‍රතිපත්ති මත මේකට උදව් කරලා තියනවා.


පහුගිය අවුරුදු දෙක තුන තුල මම මුලින් කිව්ව ආකාරයට TAX කැපීම ,IMF එකට නොයැම , ඩොලර් එක අල්ලගෙන සිටීම ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා කල්ගත වීම,නොකල යුතුව තිබුණා මේ රජය පැත්තෙන් සිදුවෙච්ච වරදක් ඒ ස්වයං විවේචනය පිළිගන්නට අපිට අයිතියක් තියෙනවා.අපිට ඒකට ශක්තියකුත් තියෙනවා.තුන් වැන්න තමයි අපේ පාලනයෙන් තොර වෙච්ච කෝවිඩ් උවදුර සහ යුක්රේනයේ යුද්ධය.ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකම ඇමරිකාව ගත්තාම වසර 50කට පසුව ලොකුම උද්ධමනය ඇමෙරිකාවේ තිබෙනවා.යුරෝපයත් එහෙමයි පකිස්ථානයත් එහෙමයි , ඊජිප්තුවත් මේකට මුණ දෙනවා,නමුත් අවසානයේ ඔවුන්ට යම් සංචිතයක් තිබුණා.හැබැයි අපේ සංචිතය අපි අහිමි කරගෙන තිබෙනවා.එම නිසා කතානායකතුමනි ඊට ඉස්සෙල්ලා බලන්න ඕන කොහොමද අපි ඉදිරියට ගිහින් මුහුණ දෙන්නේ.

ඩොලර් එන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා අපිට ඩොලර් අච්චු ගහන්න බෑ අපි ඇමෙරිකා එක්සත් ජනපදයනෙවෙයි.සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැගෙන්නට ඕන,සංචාරක ව්‍යාපාරය අපි දැක්කා පහුගිය මාස තුන තුල ඇ.ඩො මි. 500ක පමණ ආදායමක් ලැබුනා නමුත් මේ මාසේ වෙනකොට ඒක 47%කින් කඩා වැටිලා තියෙනවා පළවෙනි ක්‍රමය.දෙවැන්න තමයි විදේශ රටවලින් එන ප්‍රේක්ෂණ 2020 වර්ෂයෙ ඇ.ඩො. බි.7.2 ක ප්‍රමාණයක් අපිට ලැබුණා.

2021 වසරේදි ඩො.බි. 5.7ක ප්‍රමාණයකට අඩු උනා.මේ වර්ෂයේදි අපි සියලු දෙනාම එකතු වෙලා පක්ෂ පාට බේද වලින් තොරව අපේ ශ්‍රී ලාංකිකයන් ඉල්ලුවෙ නැත්තම් බිලියන 3කට 3 1/2 කට විතර බහින් ඉඩතියෙනවා.තුන්වැන්න තමයි අපි ආයෝජකයන් ගෙන්න ගන්න ඕන මේ තියෙන තත්වය තුල රටට ආයෝජකයෝ එන්නේ නෑ.හතර වැන්න තමයි නැවත වතාවක් හැකි ඉක්මනින් කොහොමද මේ ණය ප්‍රතිව්‍යුහ ගත කරලා යලි මුදල් වෙළද පොළට ගිහිල්ලා යම් ප්‍රමාණයකින් ආයෝජනය එහෙම නැතිනම් ණය ලබා ගැනීම සඳහා ද්‍රව ශිලතාවයක් ඇති කරගන්න එක..



මේ හතර ඇරුනම වෙන කිසිම විදිහකින් මේ ප්‍රශ්ණයට විසඳුම් නෑ අපි කෑ ගැහුවට ඒ නිසා තමයි අපි කියන්නේ ගරු කතානායකතුමනි එසේ නම් එය සිදුවිය යුතුනම් සිදුකල හැක්කේ කොහොමද කියන ප්‍රශ්ණය තමයි අද මිනිස්සුන්ට තියෙන්නේ.ඒ නිසා තමයි මම ඉල්ලා සිටින්නේ විපක්ෂනායකතුමාගෙන් විපක්ෂයේ ඉන්න සියලු දෙනාගෙන්ම මේ සඳහා විසදුම් සෙවීමට අපිට IMF එදිරියේදි සිදු වෙච්ච සාකච්ඡා වල ප්‍රතිඵල මේකෙන් ඉදිරියට යාමට ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් තියෙනවා .

කෙටි කාලිනව කොහොමද මේකට විසදුම් දෙන්නේ මේ පෝලිම් ටික නැති කරන්නේ ඉක්මනට තියන අර්බුද වලට පිළිතුරු සොයන්නේ.IMF කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙවෙයි අපි හම්බ කරන්න ඕන අපි ගත්ත ණය ගෙවන්න.ඒ නිසා වහාම මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලිනවතියෙන සැලසුම් මොනාද කියලා තමයි ලෝකය බලාගෙන සිටින්නේ ඒ අනුව අපි ඉතා ඉක්මනින් ම IMF එකට යාමට කටයුතු කලා.

අපි වොශින්ටනයට ගිහින් ඉතා සාර්ථකව ඒක පැවැත්වුවා.ඔබ දකින්න ඇති ඒ ප්‍රකාශන ඒ ආයතන විසින් නිකුත් කරලා තියෙනවා.පළවෙනි පියවරක් හැටියට ණය ප්‍රතිව්‍යුවහ ගත කිරීම සඳහා අවශ්‍ය මුදල්‍ය උපදේශකරුවන් හා නීති උපදේශකවරුන් පත් කරගැනීමට කටයුතු කරමින් යනවා.තව සතියකින් අපිට ඔවුන්ව පත්කරගන්න පුළුවන් වෙයි.''