kaduwela-court-parliament-riots

පාර්ලිමේන්තුව අසළ විරෝධතා දැක්වූ බව සඳහන් කරමින් පොලිසිය අද දින 14 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මහරගම පොලිසියේ රඳවා සිටීමෙන් පසු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද සවස ඉදිරිපත්කෙරිණි.


අත්අඩංගුවට පත් අය වෙනුවෙන් විශාල නීතීඥ කන්ඩායමක් අධිකරණය පිරීයාම විශේෂිත වන අතර ඔවුන් ස්වේච්ඡාවෙන් විරෝධතා කරුවන් වෙනුවෙන් පෙනී සිටි බව කියැවිණි.


මාර්ගයේ ගමන් ගන්නා ජනතාව අපහසුතාවයට පත්කිරීම සහ වාහනවලට හානි කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසු අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනකු ඇතුලු පුද්ගලයින් 14 දෙනා වෙනුවෙන් නීතීඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කරන ලදි. මෙහිදී පොලිසියේ ඉල්ලීම් ඉවත ගිය අතර පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට පත් 14දෙනාටම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇප මත නිදහස ලැබිණි.
හෙට හා අනිද්දා පාර්ලිමේන්තුව අසළ විරෝධතා පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය අද (04) අධිකරණයෙන් කළ ඉල්ලීමද අධිකරණය  විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මෙම ඉල්ලීම තලංගම පොලීසිය සිදුකර තිබුණි.