laksiri-wicremage-speaks

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවහිදි දෙරණ ටීවී සභාපති ලක්සිරි වික්‍රමගේ සිය අදහස් මෙසේ දක්වා තිබුණි.


''ලංකාවේ තියෙන මාධ්‍ය ආයතන 90%කට එහා මෙතැන ඉන්නවා.එක එක අදහස් තියෙන මාධ්‍ය හැබැයි මීට පෙර මෙවැනි හදිසි අවස්ථාවල මෙවැනි බැරැරුම් අර්බුද අවස්ථාවල මාධ්‍ය ආයතන එකට කටයුතු කරලා තියෙනවා ඒ උදාහරණ තමයි අපේ සභාපතිතුමා කිව්වේ හැබැයි ඊට වැඩිය විශාල අර්බුද අවස්ථාවක අපි ඉන්නේ.ආර්ථික අර්බුදයක් තුලින් මතුවෙච්ච දේශපාලන අර්බුදයක් ඇතුලේ ඇතිවෙච්ච අර්බුදයක ඉන්නේ.

සෘජුවම ප්‍රකාශ කරනවානම් මේ අර්බුදය අපි හිතන්නේ මේක විසදන්න පුළුවන් ව්‍යවස්ථාදායක ඇතුලේ ව්‍යවස්ථාව ඇතුලේ එතකොට මේක විසදීම සඳහා ඒ තරම් උනන්දුවෙන් කටයුතු කරන බව පේන්න නෑ.මම හිතන්නේ රාජ්‍ය කියන ලෙඩා මැරෙන්න ආසන්නයි.ඔහු බේරාගැනීම ඔවුන් සතුයි නැතිනම් පක්ෂ දේශපාලන ඇතුලේ භාරගන්න වෙන්නේ මල මිනියක්.ඒ නිසා අපි කෙලින්ම ප්‍රකාශ කරනවා ලංකාවේ මාධ්‍ය හැටියට අපේ එක මාධ්‍යක් මේ වෙලාවෙදිත් දේශපාලඥයො තර්ජනය කරලා තියෙන්නේ.

අපේ මේ ක්‍රියාකාරකම් එතැනට තල්ලු කරන් එපා කියන ඉල්ලීම අපි ඉල්ලනවා.අපි මුලික වශයෙන් කරන්නේ එකාබද්ධ වැඩ සටහන් පෙළක් අපි ආරම්භ කරනවා විශේෂඥයො ගෙන්නලා මොකද අපිට අද්දැකීම් තියෙනවා ඒකාබද්ධ වැඩසටහන් කරපුවහම විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඒකට ඇහුම්කම් දෙනවා.මේ වැඩ සටහන් තුලින් විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්ණය පිළිබඳව මේක රට ඇතුලේ නෙවෙයි අපේ සභාපතිතුමා කිව්වා වගේ අන්තර්ජාතිකව ජාත්‍යන්තරව විසඳාගතයුතු ප්‍රශ්ණයක්.

අපේ නව මහබැංකු අධිපතිතුමා ලංකාවට ගොඩබැස්ස දවසේම වගේ ඒකාබද්ධ වැඩසටහනක් ඒකට හොඳ ප්‍රතිචාර තිබ්බා .

ඒ වගේ වැඩ පිලිවෙලක් කරන්න සුදානම් වනවා ඒකාබද්ධ වැඩපිළිවෙලක් තුලින් මේ ආර්ථික ප්‍රශ්ණය පිළිබඳව විසඳුම් දිය හැකි විශේෂඥයො.සාමාන්‍යයෙන් අපි දන්න විදිහට අපි ජාතික විශේෂඥයො නොවුනත් IMF එකට ගියාම ඒ විසඳුම ඇතුලේ තියෙනවා ඒ ලෙඩාට දෙන්න තියන තිත්ත බෙහෙත් ඒ පිළිබඳව අපිට සන්නිවේදනය කරන්න වෙයි  ඒ පිළිබඳව ජනතාව පෙළගස්වන්න වෙයි ඒ සියලු වැඩ අපි ඒකාබද්ධව එකට කිරීම අපේ සංගමය මගින් තීරණය කරලාතියනවා.ඒකට ලැබෙන ප්‍රතිචාර අනුව අපි ඊළඟ පියවරට යනවා.''