akila-viraj-speaks

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ රට ගොඩනැගීමේ වැඩපිලිවෙලක් වෙනුවෙන් 124 ක බහුතරයක් සකසා ගැනීමට හැකි බව දැනටමත් සාකච්ඡා කර තීරණය කර ඇති බවයි.
එබැවින් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී බහුතර බලයකින් අගමැතිවරයාට සිය විශ්වාසය පාර්ලිමේන්තුව තුළ තහවුරු කිරීමට ගැටලුවක් නැති බවයි.


මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර අනෙක් සියලුම පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක එය යථාර්ථයක් කරගන්නේ කෙසේදැයි කරන ලද විමසීමේදී අකිල විරාජ් පවසා සිටියේ

‘පක්ෂ ගණනාවක් මේක නියෝජනය කරනවා පක්ෂවල කණ්ඩායම් නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් වේවී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න බැහැ අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්. පක්ෂ නායකයින්ගෙන් අනු දැනුම නැතුව වුණත් පුළුවන්නේ.. අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා.‘



අලුතෙන් පත්වන කැබිනට් මණ්ඩලය අවශ්‍යතාව මත රට ගොඩනැගීම සඳහා යම් කාලවකවානුවක් සඳහා පමණක් පත් කරන කැබිනට් මණ්ඩලයක් බවද ඔහු කීය.

 ‘කැබිනට්ටුව කොයි වගේද කියනවා නම් වෙනදා වගේ නෙවෙයි අර වරප්‍රසාද භුක්ති විඳිමින් අර පරණ තිබ්බ ඒ යල්පැන ගිය ක්‍රමවේද නෑ. කවුරුත් මං හිතන්නේ අනුමත කරන්නෙත් නෑ. රාජපක්ෂලත් මේකෙ නැහැ.බැසිල් නාමල් මහින්ද අසමත් වෙලා ඉවරයි නේ.‘