අපි දන්න ලංකා ඉතිහාසයේ වැදගත්ම රාත්‍රියක් ගත වෙමින් පවතිනවා. මේ 2022 වැදගත්ම රාත්‍රිය පමණක් නොවෙයි. අපි අහල තියෙන මෑත ඉතිහාසයේ වැදගත්ම රාත්‍රිය වෙන්න පුළුවන්. ඒ වැදගත්ම රාත්‍රිය ඔබ බොහෝවිට බයෙන් ඇති. මේ පවතින තත්ත්වය, මේ පවතින භීෂණය, මේ පැතිරී යන හිංසාවාදය පිළිබඳ ඔබ බියෙන් ඇති. 

රට මීළඟ අඩියට වැටුනොත් කොහෙන් කෙළවර වෙයිද කියන ගැටලුව ඔබ සතුව ඇති. ඒ හින්දා ඔබ බොහොම සාවධානව ඉවසීමෙන්ම ඉන්න ඕන රාත්‍රියක් මේ ගතවෙමින් පවතින්නේ. අපි මේ අරගලය නිර්මාණය කරලා තියෙන්නේම අවිහිංසාවාදය සහ සාමකාමීත්වය මූලික කරගෙන.. ඒ මුහුණුවර මේකට දීලා තියෙනවා. හැබැයි අපි දකිනවා ආණ්ඩුව විසින් මිරිහානදිත්, රඹුක්කනදී  අද ගෝල්ෆේස් එකේත් මේක ඇතුලට හිංසාව අරගෙන ආවා. හිංසාව ගෙන හැම වෙලාවකම ජනතාව ඒකට ප්‍රතිවිරෝධය දක්වා ගෙන නැගී සිටියා. රජයට ඒ කිසිම අවස්ථාවක එහි පාලනය ලබා ගැනීමට හැකි වුණේ නෑ.

ජනතාව එය ජයග්‍රහණය කළා ජනතාවට එහි ජයග්‍රහණය ලැබුණා. මේක ඊළඟ අඩියට අපි අරගෙන එහෙනම් යන්න ඕනේ ප්‍රාදේශීයව ඉන්න දේශපාලකයන් සමග එය ප්‍රාදේශීයව ඒ දේශපාලකයාට මෙච්චර කල් ඡන්දෙ දීපු මිනිස්සු ගනුදෙනු කරන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රාදේශීය දේශපාලකයන් ඇත්තෙන්ම නියෝජනය කරන්නේ තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ව. ඒ මිනිස්සු සෘජුවම තමන් ඡන්දෙ දීපු පාලකයාව හම්බවෙලා ඒ ගනුදෙනු බේරගන්න යනවා. ඒ ගනුදෙනුව හිංසාකාරී නොවන ආකාරයකට බේරාගන්න ඔබ නිර්මාණශීලී වෙනවා නම් රටේ හෙට දවස යහපත් වේවි. ඒ හින්දා මේක ඇතුලට යම් ආකාරයකින් හිංසාව අරගෙන එන එක අරගලයේ ලස්සන සුදු පැහැයට පොඩි පල්ලමක් එකතු  කරාවි.

එක අපේ රටේ අනාගතයට සෘජුවම බලපාවි. ඒ කොහොම වුණත් අපි දැන් බලන්න ඕනේ රාජපක්ෂ ප්‍රමුඛ පොලීසිය රටේ ඉන්න චන්ඩි වටකරගත්ත රාජපක්ෂ දේශපාලනය අද අවසන් වුණා. ඒ රාජපක්ෂ ජුන්ටාවේ මුදුන් මල්කඩ ,මහින්ද රාජපක්ෂ අන්තිමට බලු වෙලා යන තත්ත්වයට පත්වුණා. ඔහු විශ්වාස කරපු ඒ දේශපාලන සංස්කෘතිය ඔහු නිර්මාණය කරපු දේශපාලන සංස්කෘතිය අද අවසන් වුණා. ඔහු සමගම ඔහුගේ නිවස වගේම ,වලව් පැලැන්තියත් ඒ වල පැලැන්තියට පණ දීපු සොහොන් හදපු පැලැන්තියත් ඒ සියලු දේවල් අදින් පස්සේ ඉතිහාසය බවට පත්වෙලා ඉවරයි. තවදුරටත් මේක වලව් පැලැන්තිය මිනිස්සු ඇවිල්ල පාලනය කරන්න පුළුවන් රටක් නෙමෙයි. මේක දැන් අලුත් ශ්‍රී ලංකාවක්. මේක සාමාන්‍ය මිනිස්සුන්ගේ අලුත් ශ්‍රී ලංකාවක්. ඒ තත්ත්වය තමයි අද ඔබ දකින්නේ. මැදමුලන වලව්වට පත්වෙච්ච ශෝචනීය ඉරණම. ඒ ඉතිහාසය වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි ලංකාවේ අවුරුදු 74 ක දේශපාලන චක්‍රය අවසන් වෙනකොට සිදුවන පරිවර්තනය.



ප්‍රාදේශීය දේශපාලඥ තමන් චන්ඩි වගේ ප්‍රාදේශීයව බලය තියාගෙන ඉන්නවා. ඒ බලය තියාගෙන ඉන්නේ මිනිස්සු ම පීඩාවට පත් කරන්න. හැබැයි මිනිස්සු අද සාමූහිකව ඔවුන්ට එරෙහිව නැගී සිටින්න පටන් අරන්. හැබැයි ඒ කොහොම කරත් ඊළඟ පියවර අනිවාරෙන් තියෙන්නේ චණ්ඩියෙක් එක්ක නෙමෙයි. ඊළඟ පියවර තියෙන්නේ හමුදාව එක්ක. මොකද ඒ හමුදාව විශ්වාස කරන ගෝඨාභය එක්ක තමයි ඊළඟ පියවරට අරගලය ඇවිල්ලා තියෙන්නෙ. එහෙනම් ගෝඨාභය වටේ ඉන්නේ  චන්ඩි නෙමෙයි. ගෝඨාභය වටේ ඉන්නේ හමුදාව.  හමුදාවේ ඉන්න ජුන්ටාවක්. සමස්ත හමුදාවම නෙමෙයි.

ගෝඨාභය එක්ක ගෝඨාභයට සහය දක්වන යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම් ඇතුළු හදාගත්ත ජූන්ටාවකින් කළමනාකරණය වෙන පිරිසක් තමයි මේ වෙලාවේ හමුදා පාලනයකට රට අරගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ ඊළඟ පියවර නිවැරදිව කළමනාකරණය කර ගත්තෙ නැත්නම් රට හමුදා පාලනයකට පත්වීමේ ඉඩක් තියනවා. හැබැයි අපි දන්නවා දැනටමත් යුද හමුදාවේ සාමාජිකයෝ මට පවා ඕන තරම් කතා කරනවා ඔවුන් මේකට තියෙන අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් මේ හමුදාවක් දේශපාලනිකව යොදාගනිමින් අරගලය මර්දනය කරන්න යොදාගන්නා උත්සාහ වලට අකමැති බව ඔවුන් කියලා තියෙනවා. යුද හමුදාවෙන් විශාල පිරිසක් ඉන්නවා
අරගලකරුවන් සමග හිතෙන් එකට ඉන්න. හැබැයි ඒ අතරේ හිංසාව විශ්වාස කරන තාමත් අර මිලිටරි ජුන්ටාව පාලනය වෙන යම් පිරිසක් මේකේ ඇතුලේ ඉන්නවා. ඔවුන් තුවක්කුව අරගෙන අරගලය මර්දනය කරන්න අද රෑ ඉඳලා එළියට බහිනකොට ප්‍රාර්ථනා කරනවා ඒ උණ්ඩයට ගොදුරු වන තැනැත්තා ඔබ නොවේවා කියලා. මම නොවේවා කියලා. අපි කවුරුත් නොවේවා කියලා එහෙම කරන්න නම් අපි මේ කරගෙන යන හිංසාකාරී ක්‍රමවේදය යම් දුරකට සීමා කරන්න වෙනවා.

යළිත් අපිට අවිහිංසාවේ සමකමීත්වයෙන් දොර විවෘත කර ගන්න වෙනවා. අපි සතු ඒ ශක්තිය අවදි කර ගන්න වෙනවා. ඒ හින්දා මේ අතර තියෙන අනෙක් ඛේදවාචකය තමයි මේ වගේ දේශපාලන අරාජික තත්ත්වයකදී සමහරු ඇරියස් කවර් කරගන්නවා. අපි හිතමු ප්‍රාදේශීයව ඉන්නවා එක  දේශපාලනඥයෙකුට ගහනකොට මිනිස්සු ඒ මිනිස්සුම නෙමෙයි ගහන්නේ. ඒ අතරින් එයාගේ ප්‍රතිවිරෝධී දේශපාලකයා. මොකද අර දේශපාලකයාව කරළියෙන් ඉවත්කරලීම අනිත් එක්කෙනාට වාසිදායක නිසා. ඒ වගේ ගැටවලට ඔබ අහු විය යුතු නැ.ඒ තියෙන දේශපාලනයම කූටප්‍රාප්තිය කොටසක්. ඒ හින්ද ඒ වගේ දේවල් වලට අසූවෙන්න එපා.

දැන් තව අපි නිරන්තරෙන් කිව්වා මේ අරගලය මැයි මාසය අග වෙනකන් ඇදිලා යාවි කියලා. ඒ හින්දා මේ තාම මැයි මාසෙ මුල හරිය. දැන් මේක බොහොම මධ්‍යම කාලය අවසන් කරලා තියෙන්නෙ. මේක දැන් අවසන් ඊලග පියවරට ඇවිල්ලා .ඒ කියන්නේ ජනාධිපති එළවා දැමීමේ අඩියට දැන් ඇවිල්ලා තියෙන්නෙ. එහෙනම් ජනාධිපති යන්න තව සතියක් දෙකක් යන්න ඉඩ තියෙනවා. ඒ සතිය දෙක ඇතුළත ඔවුන් අනිවාර්යයෙන්ම ඔවුන් සතු ලොකුම ශක්තිය උරගා බලනවා. ඔවුන් සතු ලොකුම ශක්තිය තමයි ඒ මිලිටරි බලය. ඔවුන් විශ්වාස කරන්නේ එක ඔවුන් විශ්වාස කරන්නේ හමුදා බලය ජාතික ආරක්ෂාව මූලික කරගෙන ඒගොල්ලො පත් වෙන්නේ. ඉතින් ඒගොල්ලො මෙච්චර කල් සුද්ද කර කර හිටපු තුවක්කු බටේ පත්තු කරන්න වෙලාවක් එනකන් ඒගොල්ලො ඉවසාගෙන හිටියා වෙන්න පුළුවන්. හැබැයි අවස්ථාව දැන් ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ හින්දා අපේ මිනිස්සු පරිස්සම් වෙන්න ඕන කාලයකට දැන් ඇවිල්ල තියෙන්නෙ.

  ඔබේ ජීවිත අවදානමේ දාගන්නේ නැතුව ඉන්න කාලයකට ඔබ දැන් ඇවිත් ඉන්නේ .අපිට සටන් කරන්න වෙනවා සටන දිගටම අරගෙන යන්න වෙනවා. හැබැයි අපි එක බොහෝම විද්‍යාත්මක විදියට අපි බොහොම හදවතට එකඟ තැනකින් කරගෙන යමු. අනිවාර්යෙන් මේ අරගලය ජයග්‍රහණය නිම වෙන බවට අලුතින් කියන්න ඕනේ නැහැ.එක ජයග්‍රහණය පෙනි පෙනී තියෙන සීමාවේ අද ඉන්නේ. හැබැයි අපේ හානිය අවම කරගෙන යන්න නං අපි සාමකාමී සහ අවිහිංසාවාදී මංපෙතට ආපහු අවතීර්ණ වෙන්න ඕනේ. ඒ හින්දා වැඩිය ගහගන්න වැඩ වලට යන්නේ නැතුව වැඩිය කේන්ති ගන්නේ නැතුව තව ටිකක් ඉවසීමෙන් මේ වැඩේ ඉස්සරහට කරගෙ යමු. මිනිස්සු ගොඩක් එලියට එනකොට රාජපක්ෂ ජුන්ටාව බිඳවැටුන පස්සේ චන්ඩි බලය ප්‍රාදේශීය දේශපාලන බලය බිඳ වැදුනට පස්සේ ඒ කඳවුරට තවදුරටත් පවතින්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නිකම්ම නිකං තනි මනුස්සයෙක් එයා වටේ ඉන්නේ military ජුන්ටාවක් විතරයි. ඔවුන් දේශපාලනිකව ශක්තිමත් නැහැ ඒ හින්දා ඒක පරාජය කරන්න අපිට දේශපාලනිකව පුළුවන් ලේසියයෙන්ම. ගහ මරාගෙන එක කරන්න අමාරුයි. හමුදාව සතුව මිලිටරි බලය යුද්ධ බලය අවි බලය තියෙනවා. ඒ හින්දා ඔවුන් සතු ඒ ශක්තිය ඔවුන් පාවිච්චි කළොත් අපි දුර්වල අඩියට යන්න පුළුවන්. ඒ හින්දා අපේ උපක්‍රම අපේ ක්‍රියාමාර්ග තවදුරටත් වෙනස් විය යුතුමයි.



දැන් හිතන්න ගෝඨාභය රාජපක්ෂ අයින් වෙලා ගියාට පස්සෙ ජන අරගලයකින් ජනාධිපති පලවා හැරියට පස්සේ තියෙන තත්ත්වය. ඔතනදි රට කෙටි කාලයකට අරාජික තත්වයට පත්වෙනවා. අපි එ හින්ද මේ වෙලාවේ තමයි කල්පනා කරන්න ඕන කාරණාවක් තමයි ඒ තත්ත්වයෙන් කොහොමද රටේ ඊළඟ අඩියට  ගෙන යන්නේ කියලා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ පලවා හරින දිනයත් ඊළඟ ස්ථාවර අන්තර් පාලනයට රාජ්‍ය නායකයෙක් පත්වන සමයත් අතර අරාජික කාලයක් එනවා. එ transition එක කළමනා කරණය කරගන්න එකට අපි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඒකට මම යෝජනා කරනවා මෙහෙම එකක්. අපිට හදන්න වෙනවා සාමූහිකව declaration  එකක්. අපි දන්නවා ඇමරිකාවේ වුණත් සිවිල් යුද්ධයට පස්සේ නිදහස අරගෙන අලුතින් ඇමරිකානු රාජ්‍ය හදනකොට හදනවා  declaration   and Independents. ඒ කියන්නේ  ලියවිල්ලක්. ඒ ලියවිල්ල අපිටත් හදන්න වෙනවා. පොදු ලියවිල්ලක්. අපි ඕකට නමක් කියමු ගෝල්ෆේස්   declaration  කියලා. ඒ ගෝල්ෆේස්  declaration   එකේ රටේ අවශ්‍ය කෙරෙන system change එකට යන්න ඕනේ ව්‍යවස්ථාපිත වෙනස්කම් මොනවද කියල එකඟ විය හැකි යම් කරුණු රාශියක් අපිට එකට එකතු කරන්න වෙනවා. ඒ කරුණු රාශිය අපිට තනි තනියෙන් හදන්න පුළුවන් ඒවා නෙවෙයි..

ඒක සමස්ත ගෝල්ෆේස් අරගල කරුවන්ගේ සම්මුතියකින් හැදෙන්න ඕන දෙයක්. ගෝල්ෆේස් අරගලකරුවන් තෘප්තිමත් කරන්නක් විය යුතු ,රටේ මහජනතාව තෘප්තිමත් කරන්නක් රටේ අනාගතයේ ක්‍රමය වෙනස් කරන්නක් විය යුතුයි. මේක රටේම ඉන්න වියතුන් අඩුම තරමින් දහ දෙනෙක්වත් අපි තෝරාගෙන ඔවුන් ලව්වා නිර්මාණය කරගෙන රටේ ඊළඟ රාජ්‍ය නායකයා බවට පත් වන කෙනාට අත්සන් කරන්න වෙනවා. ඔහු මේ තියෙන කාරණා ගෝල්ෆේස්  declaration  එකේ තියෙන කාරණා අනිවාර්යෙන් පිළිපදින බවට ඔහු එකඟ කරගන්න වෙනවා. ඔහු එසේ අරගලයේදී ගෝල්ෆේස් එක තුළ ඒකට අත්සන් කරලා එකඟ උනාට පස්සේ තමයි ඔහුට රාජ නායකත්වය ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ.

ඒ පොරොන්දුව පිට තමයි ඔහුට රාජ්‍යය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නෙ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මේකෙන් පලා ගියාට පසු ඒ ඇතිවන transition period එකේ අන්තර් කාලය තුළ අපි මේ ගෝල්ෆේස්  declaration   එක අපි නිර්මාණය කරගන්න මහන්සි වෙන්න ඕනෙ. ඒකට අරගලයට දායක වූ හැමෝම සහභාගි වෙන්න ඕනේ. හැමෝගෙම අදහස් ගන්න ඕනේ. හැබැයි ඒකට අපේ යම්කිසි කමිටුවක් හදාගන්න පුලුවන් නම් ඒකට අඩුම තරමින් 10 දෙනකුගෙන්වත් යුතු සියලුම පාර්ශවයන් සම්බන්ධ වෙන ආකාරයට  inclusive committee එකක් හදාගන්න පුලුවන් නම් අපිට එකඟ වෙන්න පුළුවන් නම් ඒ  declaration  එක නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඔහොමයි අරගලයේ ඊළඟ පියවර ඊළඟ දිශානතිය තීරණය වෙන්නේ.



ඒ වගේම ඇමැතිවරු මන්ත්‍රීවරු සමහර රාජපක්ෂලා රටෙන් පැන යන්න උත්සාහ කරාවි.. මම කියන්නේ ඔවුන් පැන යනවා නම් මගේ පුද්ගලික මතය මම පැනයන්නට දෙනවා. මොකද ඔවුන් ඉක්මනට හරි පැනලා යනවා නම් මේක ඉවර වෙනවා. අපිට රට හදන්න හෙට නැතුව අද පුළුවන් නම් ඒක රටේ මිනිස්සුන්ට හොඳයි.. එහෙනම් රට හදන වැඩේ රටේ ආර්ථිකය ගොඩ දාන වැඩේ එක දවසකින් හරි අපිට ඉක්මන් කරන්න පුළුවන් නම් අපේ එහෙම කරමු කියල මම යෝජනා කරනවා. එතනට යන්න කලින් අපිට ගෝල්ෆේස් declaration එක හදාගන්න වෙනවා. ඒ යෝජනා සමාජගත කරනවා මම මේ ආකාරයට හැමෝටම ඒ ගැන කතා කරලා පුළුවන් නම් අපි ගෝල්ෆේස් declaration එකක් නිර්මානය කරගමු.

ඊළඟ දවස් දහය දාහතර වගේ කාලයක් ඇතුලත ඊට පස්සේ මේ ජනාධිපති පැනලා ගියාට පස්සෙ එයාගෙ අවසානය ආවට පස්සෙ අපිට පුලුවන් ගෝල්ෆේස් declaration එක අත්සන් කරලා රටේ ඊළඟ රාජ නායකයව පත්කරගන්න. ඒකයි ඊළඟ පියවර වෙන්නේ ඊට පස්සේ තමයි අන්තර් පාලන කාලයට යන්න වෙන්නෙ. එනිසා මට ඔබෙන් කරන්න තියෙන එකම ඉල්ලීම රට හදන්න වෙන දවස ඉක්මන් කරගන්න නං ද්වීත්කව අපට ප්‍රයෝජනවත් වෙන හොරු අල්ලන එක ද්වීතිකව වෙන දෙයක් නැත්නම් හොරාකාපු මුදල් හොයාගන්න එක අවුරුදු දෙක තුනක් ගිහිල්ලා කරගන්න වෙන වැඩක්. ඒ හින්දා මේකෙ ප්‍රමුඛතාවය ප්‍රාථමික අවශ්‍යතාවය ආර්ථික අර්බුදය විසඳගන්න එක අමතක කරන්න එපා..

අපි හරි රාජ්‍යයක් නිර්මාණය කළොත් විතරයි රටට අවශ්‍ය කරන ඩොලර් එන්න ගන්නෙ ඒ   ඩොලර්  එන්න ගන්නෙ ලේසියෙන්ම රටේ ආර්ථිකය ස්ථාවර කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුව නීත්‍යානුකූල වුණොත් විතරයි. ඒ හින්දා ඒක සාමකාමී අවිහිංසාවාදී අරගලයකින් විතරයි එහෙම රාජ්‍යක් අපිට ඉක්මනින්ම නිර්මාණය කර ගන්න පුලුවන් වෙන්නේ. එතකොට තමයි ඔබට ඉක්මනට කරන්ට් එක එන්න පුලුවන් ඉක්මනට ගෑස් ටික ලැබෙන්නේ, ඉස්පිරිතාලෙ ටිකට ඖෂධ ටික ලැබෙන්නෙත්.. ඒ වගේම අමතක කරන්න එපා මේ වෙලාවේ ඉස්පිරිතාල වල ඖෂධ ඉතාමත්ම අඩු තත්ත්වයක් තියෙන්නේ ගොඩාක් අවශ්‍ය කරනවා එහෙම හිඟ වෙලාවක ඉස්පිරිතාලෙට තුවාලකාරයෝ ගොඩක් ගියොත් අරගලයෙන් බෙහෙත් කරලා බේරගන්න බැරි වෙන්න පුළුවන්.. ඒ හින්දා මේ වෙලාවේ හිංසාවාදයට යන්න ඔබට ඉඩක් ඇත්තේම නැති තරම්..

ඒ හින්දා ඔබ නැවත කල්පනා කරන්න නැවත කල්පනා කරන්න අනතුර වැඩි කරගන්නවා ද ජීවිත අනවශ්‍ය විදිහට දන් දෙනවද නැත්නම් ඒ ජීවිතේ පරිස්සං කරගෙන රට හදන්න ඉතුරු කර ගන්නවද කියලා.. ඒ බලාපොරොත්තු තියාගන්න ඒ බලාපොරොත්තුව එක්ක ජීවත් වෙන්න මේ රට හදන යුගයට අපි ඇවිල්ලා ඉන්නේ.අරගලය තුලින් ගිහිල්ලා අරගලය තුලින්ම පන්නරය ලබලා අරගලේ තුළින්ම අඩිතාලම දාගෙන තමයි රටේ ඊළඟ පරිපාලන ක්‍රමවේදය ගොඩනැගෙන්නේ එතැනට යන පාරයි මේ කියන්නේ. ඒ නිසා ඔබේ අදහසුත් එකතු කරගෙනම අපිට මේ ගමන යන්න පුළුවන් අපි රට හදන තැනට ඉක්මනින් මේ අර්බුදය විසඳා ගෙන යමු..