kokila-gunawardane-house-attack

පසුගියදා සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා තිබුණි.


මේ ගැන විමර්ශනය කළ පොලිසිය අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ගිරිඋල්ලගම ශෛලාරාම විහාරාධිපති අතුබොදේ ධම්ම කිත්ති හිමියන්  අත්අඩංගුවට ගත් අතර ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පසුගිය 09 වනදා රාත්‍රී විශාල පිරිසක් පැමිණ ලෝලුවාගොඩ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තැබීම් සිදු කරන අවස්ථාවේ
මේ අපරාධයට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර සැකකාර විහාරාධිපති හිමියන් ද එම ස්ථානයට පැමිණ තිබුණි. පොලිසිය කළ ප්‍රශ්න කතිරීම් වලදී හිමිනම එම විනාශය නැවැත්වීමට උත්සාහ ගත් බව කියා ඇති නමුත් පසුව කරන ලද පරීක්ෂණ වලදී සැකකාර හිමියන් එම විනාශ කාරී සිද්ධියට පිරිස මෙහෙය වූ බවට හෙළි වී ඇත. මේ හේතුවෙන් හිමිනම අත් අඩංගුවට පත්විය.


හිමි නම රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.