පසුගිය 9 සඳුදා ඇතිවූ සිද්ධි මාලාවේ තවත් ශෝචනීය සිදුවීමක් වූයේ මීගමුව ඇවෙන්රා ගාර්ඩන් හෝටලයට එල්ල කළ ජනතා ප්‍රහාරයයි. එහිදී හෝටලයේ දේපළ අලාබ කිරීමට හා සොරකම් කිරීමට තරුණ කණ්ඩායම් ක්‍රියාකරද්දී එහි සිටි ආරක්ෂක අංශ හෝටලය රැකගැනීමට වෙඩි තැබීම් සිදු කර තිබුණි.
හෝටලය ඉදිරිපිටදී හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයෙකු දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු ඊයේ (13) ජීවිතක්ෂයට පත්වී තිබේ.
මියගොස් ඇත්තේ මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලෙන් හා තිඹිරිගස්කටුව මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහ විදුහලේ අධ්‍යාපනය ලැබූ අවුරුදු 19ක් වන ශෙහාන් උදයංගයි.
මීගමුව ඇවෙන්රා හෝටලය ඉදිරිපිට ඇති සල් ගස අසලදී ඔහුගේ හිසට වෙඩි වැදී බරපතල තුවාල ලබා තිබුණ අතර මීගමුව රෝහලට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලටත් නැවතත් මීගමුව රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු ඊයේ ජීවිතක්ෂයට පත්වූයේය.
Comments
Post a Comment
Your comment will be visible after approval