
රටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කර තිබේ.
මේ මොහොතේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමාකරන ලෙස යෝජනා කරන පිරිස් මෙවැනි වැටුප් කප්පාදුවක් සඳහා එකඟතාවක් පල කරන්නේ නම් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තමා සුදානම් බව ද ලේකම්වරයා සඳහන් කර ඇත.
යම් වියදමක් දරා සේවයට පැමිණෙන පිරිසට ගෙවන වැටුප් ප්‍රමාණයම කිසිදු වියදමක් නොමැතිව නිවසේ සිට රාජකාරි කරන පිරිසටත් ගෙවීම අසාධාරණ බවද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
ඇතිව තිබෙන වතාවරණය තුල රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම පිළිබඳව සලකා බලන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරියා ලිපියක් යොමු කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval