world-oil-market

ලෝක වෙළෙඳ පොළේ බෙන්ට බොරතෙල් බැරලයක මිල මෙරට වේලාවෙන් ඊයේ (25) සන්ධ්‍යාව වනවිට ඩොලර් 101.4ක අගයක් දක්වා පහත වැටුණි.

එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටඩියේටි බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.00ක් දක්වා පහත වැටුණි. ඒ අනුව 5%කට ආසන්න ප්‍රතිශතයක් බොරතෙල් මිල ගණන් පහත වැටී තිබේ.පසුගිය සති අන්තයේදී මෙම බොරංතෙල් මිල ඩොලර් 107ත් 108ත් සීමාවට පත්ව තිබුණි.

එහෙත් සතිය ආරම්භයේදී එය ඩොලර් 113ක් ලෙස සටහන්ව තිබුණි. ඒ අනුව ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ යාමේ ප්‍රවණතාවක් නම් වනවිට දැකගත හැකිව තිබේ.විශේෂයෙන්ම චීනයේ ෂැන්හයි නුවර සහ බීජිං නුවරදී කෝවිඩ්-19 ව්‍යාප්තියේ වර්ධනය හේතූන්වෙන් පනවා ඇති ලොක්ඩවුන් සිමා හා හදිසි පරික්ෂා කිරීම් නිසා මතුව තිබෙන බොරතෙල් ඉල්ලුම් පහත වැටීම සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් එරට ආර්ථිකය මන්දගාමී කරවීම සඳහා සිය පොලී අනුපාත පහත හෙළීමට තීරණය කිරීම මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමට හේතු වී ඇතැයි පැවසෙයි.