sagara-sanath

පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තියෙන්නේ ආණ්ඩුවට යැයි ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා  පැවැසීය. එය ඕනෑම අවස්ථාවක ඔප්පු කර පෙන්වීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය. 

තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇතැයි පිවිතුරු හෙළ උරුමය  පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එසේ තිබේනම් එය මාධ්‍ය සාකච්ඡාවල ප්‍රකාශ කිරිමෙන් පමණක් ප්‍රතිඵලයක් නැති බවයි.

පාර්ලිමේන්තුවට පැමිණ එය ඔප්පු කළ යුතු බවද ඔහු පැවසුවේය.

තම කණ්ඩායමට බහුතර බලයක් ඇති බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට ඉහතදී බව නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය පල කරන මන්ත්‍රීවරුන් 124 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තද පවසයි. ඔහු කියා සිටියේ ඔවුන්ගේ තීරණය ලිඛිතව මේ වන විටත් භාර දී ඇති බවයි.