colombo-road-blocks-removed

කොටුව ජනපති මන්දිරය, ජනපති කාර්යාලය හා ඒ අවට මාර්ග රැසක් 24 වනදා පොලිසිය යකඩ පොලු ස්ථිරව සවිකරමින් හා බැරියර් අමුණමින් වසා දමා තිබූ අතර 25 වනදා ඊයේ යළි ඒවා පොලිසිය විසින්ම ඉවත් කරනු ලැබ තිබේ.




මෙලෙස මාර්ග අවහිර කිරීම නිසා කොටුව අවට සැරිසරන සංචාරකයින්ද මහත් අපහසුතාවන්ට ලක්වූ අතර ඔවුන් ඒ බව වාර්තා කර තිබුනි. මේ අතර මෙම මාර්ග බාධක නිසා තමන්ට රාජකාරී බාධා ඇතිවුනැයි මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකු නීතිය හමුවට ගොස් උසාවියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබුණි.
එය විභාග වන්නටත් ප්‍රථම තීරණ ආපස්සට හරවමින් පොලිසිය ඊයේ දොඹකර ආධාරයෙන් එම බාධක ඉවත් කළ බව වාර්තාවේ.

(pix by-Himath Matheesha)