temple-trees-protest

 සාමකාමි උද්ඝොෂණකරුවන්ව පිටුපසට ට්‍රක් රථ ධාවනය කර තුවාල කරන්න කුමන්ත්‍රණන් සිදු කරන්න පුළුවන්ද යනුවෙන් විමසමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් දක්වා ඇති අදහස් පහත පළවේ.

''එක රටක් එක නීතියක් කියලා බලයට ආපු රාජපක්ෂලා නීතිය කඩ කරලා සාමකාමි උද්ඝෝෂණ වලට බාධා ඇති කරනවා..ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද...නිවට රාජපක්ෂලා මේ සිදුකරන  උද්ඝෝෂකයින්ට මෙහෙමද සලකන්නේ...රාත්‍රි 11.20ත් 11ත් අතර ට්‍රක් රථය එක වරම අපේ සහෝදරයෙක් යට කරගෙන පිටිපස්ස පැත්තට ධාවනය කරගෙන ගියා...ධාවනය කලේ කවුද ධාවනය කරපු පුද්ගලයා හමුදාවෙද, පොලිසියේද මේ වනතෙක් අනාවරණය වෙලා නෑ....ඒ මොහොතෙම අපි අපේ විරෝධතා දැක්වූවා...



ගෝඨා ගෝ ගමේ සහෝදරයින්ව අපි මෙතැනට ගෙන්නුවා ඒ මිනිස්සු තමා මෙතැන ඇවිල්ල ඉන්නේ...අපි කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් දෙන්න ගියා නමුත් පැමිණිල්ල භාරගන්න ඕඅයිසී මහත්තයත් නෑ කිසිදු නිළධාරියෙක් නෑ...අපි අහන්නේ මේක ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍ය...සාමකාමි උද්ඝොෂණකරුවන්ව පිටුපසට ට්‍රක් රථ ධාවනය කරලා කුමන්ත්‍රණසිදු කරන්න පුළුවන්ද ...

අපිට මේක ඉතාම සැකයක් තියෙනවා අපිට මුල ඉදන් කරපු බාධාව සම්බන්ධයෙන් මේගොල්ලෝ අධිකරණ නියෝගයක් ගන්න ගියා නමුත් උත්තරීතර අධිකරණය මේ අරගලය සාමකාමී.මේ අරගලය සාධාරණයි කියන නීතියේ ආධිපත්‍ය මත සහ ජයග්‍රහණය අප වෙත ලබා දුන්නා..එය ඉවසාගන්න බැරි මේ ජරාජීරණ දේශපාලුවන්ට කඩේ යන සමහරක් පොලිස් නිළධාරින්ගේ ක්‍රියා නිසා තව සුළු මොහොතකින් අපේ නිර්පාක්ෂික තරුණයෙක්ගේ ජීවිතයට හෝ ශරීරයට යම්කිසි ආබාධයක් සිද්ද වෙනවා...අපි ප්‍රකාශ කරන්න කැමති මොනතරම් බාධා කරත් මොනතරම් කෙනෙහිලිකම් කලත් මොනතරම් තර්ජන කරත් මේ පාට පක්ෂ ජාති අගම් භේද නැති නිර්පාක්ෂික අරගලය ජයග්‍රහණය කරනවා...''