nalin-bandara-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රටේ පවතින වත්මන් තත්ත්වය ගැනත් , රටේ මේ පවතින වැඩපිළිවෙළ වෙනස් විය යුතු බවත් පවසමින් සිය අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා.



" රටේ ප්‍රජානත්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න,රට ක්‍රියාත්මක වෙන්න අනිවාර්යෙන් මේ රාජපක්ෂ පාලනය අවසන් වෙන්න ඕනේ.මේක පවුල ඇතුළේ සාකච්ඡා කර කර ඉඳලා විසඳන්න බැහැ. අද ඒ පවුලට තියන ප්‍රශ්නේ තමයි කොහොමද අපි නීතියෙන් බේරෙන්නේ,කොහොම ඊටපස්සේ රටේ තොටේ බැහැලා ඉන්නේ, අපිට රටකටවත් යන්න බැරිවෙයිද අපේ අනීතිකව උපයාගත් සල්ලි වලට මොකද වෙන්නේ කියන ප්‍රශ්න තමයි ඔවුන්ට දැන් තියෙන්නේ..සමගි ජන බලවේගය අද නුවරින් පාගමනක් ආරම්භ කරනවා.

මැයි පලමුවැනිදා අපේ කම්කරුවන්ගේ දිනයේදී අපි කොළඹින් දැවැන්ත රැළියක් එක්ක මේ පා ගමන අවසන් කරනවා. අපිට එක තොරතුරක් තියනවා දැනගන්න එ තමයි ආණ්ඩුව කරන පොහොට්ටු පක්ෂයේ මැයි දිනයක්වත් කොළඹ පවත්වන්නේ නැහැ කියන එක.එකම ඇති මේ ආණ්ඩුව ගෙදර යනවා කියලා ජනතාවට පණිවිඩය දෙන්න.. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෞරවය බේරගන්න ඕනේ නම්, ජන මතයට හිස නමන්න..එහෙම නැත්තම් නියත වශයෙන්ම මැයි 4 වැනිදා පාර්ලිමේන්තු පටන් ගත්තාට පස්සේ විශ්වාසභංගය ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු ප්‍රමුඛ රජය පරාජයට පත් කරනවා. එ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයෝ විශ්වාසභංගයකින් ගෙදර යනවාට වඩා ගෞරවනීයයි ජනතා මතයට හිස නමලා ගෙදර යනවානම්.."