soap-prices-doubled

අසාධාරණ ලෙස ඇතැම් සබන් වර්ගවල මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීම සඳහා මේ මස 28 වැනිදා මිල ඉහළ දැමූ සබන් නිෂ්පාදන කර්මාන්තශාලා ඉදිරිපිටදී සිවිල් සංවිධාන ඒකාබද්ධ වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව මහජන අයිතීන් සුරකීමේ පදනම සඳහන් කරයි. සබන් කැටයක මිල මීට පෙර ඉහළ දැමීමට කටයුතු කරණු ලැබුවේ

රුපියල් දෙකකත් පහත් අතර මුදලකින් බවත්, එහෙත් මේ වනවිට සමහර සබන් වර්ගවල මිල රුපියල් 30කට වැඩි මුදලකින් ඉහළ දමා තිබෙන අතර, මේ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.




එසේ නොමැති වුවහොත් අදාළ ගැටලුව විසඳා ගැනීමට ඉදිරියේදී පාරිභෝගික කටයුතු අධිකාරිය ඉදිරිපීටටත් යාමට සිදුවන බවද හෙතෙම පවසා සිටියේය. ඇතැම් සබන් වර්ගවල මිල ඉහළ දැමීමට කටයුතු කිරීම නිසා ඊයේ (25දා) දිනයේදී ඇතැම් සුපිරි වෙළෙඳ සැල් තුළ සබන් මිලදී ගැනීමට පෝලිම් පවා ඇති වී තිබූ බවට වාර්තා වන බවත්, මේ අනුව රාක්ක තුළ දිගු කාලයක් ගොඩගසා තිබූ සබන් සියල්ලම ඉතාමත් කෙටිකාලයක් තුළ අලෙවි තිබෙන බවත් අම්ල සම්පත් මහතා සඳහන් කළේය. මුදල් යහමින් තිබෙන පිරිස් එකවර විශාල සබන් තොගයක් මිලදී ගැනීම නිසා ඉදිරී දිනවල සබන් හිඟයක් ඇති වීමේ තත්ත්වයක්ද නිර්මාණය වී තිබෙන බවත්, සබන් හිඟයක් ඇති වුවහොත් එම තත්වය මත තව තවත් මිල ඉහළ දැමිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.




සබන් යනු සීමිතව අවශ්‍ය වන භාණ්ඩයක් බවත්, මේ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් සබන් රැගෙන යන ලෙසත් එසේ නොමැතිව හාල්, පොල් තොග රැගෙන යන ආකාරයට සබන් ගෙන ගොස් අනවශ්‍ය ආකාරයට සබන් හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු අතර, එසේ නොමැති වුවහොත් සබන් මිලදී ගැනීමටත් ඉදිරියේදී දිගු පෝලිම්වල රැදීසිටීමට සිදුවිය හැකි බවත් අසේල්ල සම්පත් මහතා පවසා සිටියේය. මීට අමතරව ඇතැම් බිස්කට් වර්ගවල මිල පවා විශාල ලෙස. ඉහළ දමා තිබෙන බවත්, පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට රට තුළ වැඩපිළිවෙළක් නොමැති නිසා ඒවාරකාර ව්‍යාපාරිකයන් ජවාරම්කාර සමාගම් තම නිෂ්පාදන අධික මුදලකට අලෙවි  කරමින් පාරිභෝගික ජනතාව ගසාකෑමටකට ලක් කරන බැවින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට කඩිනමින් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.



 (එච්.අයි. තුෂාර)