
වත්තල හේකිත්ත කන්දෙගේ වත්තල ප්‍රදේශයේ නිවෙසක ටෙඩී බෙයාර්වක් තුළ සගවා තිබූ රුපියල් 4533000ක් වටිනා රන් පවුම් 35ක් සොරාගත් එම නිවෙසටම යාබද නිවෙසක පදිංචි කාන්තාවක් වත්තල පොලිසිය විසින් පෙරේදා (03) අත්අඩංගුවට ගනු ලැබුණි.
රන් බඩු හිමිකාරිය සහ රන් භාණ්ඩ සොරාගත් කාන්තාව මිතුරියන් බව පොලිසිය පවසයි. තමන් සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රන් භාණ්ඩ ටෙඩි බෙයාව තුළ සගවා කැබිනෙට්ටුවක තබා ඇති බව මිතුරියට පවසා ඇත.
ඉන් ප්‍රයෝජනය ගත් මෙම කාන්තාව නිවැසි හිමි කාන්තාව නිවසේ නොමැති අවස්ථාවක මෙම රන් පවුම් 35 සොරාගෙන ඉන්න කොටසක් උකස් කර ඇති අතර අනෙක් කොටස නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.සොරාගත් රන් භාණ්ඩ අතර පවුම් 16ක් බරැති රන් මාල 4ක්, පවුම් එකහමාරක් බරැති තවත් රන් මාලයක්, පවුම් 7ක් බරැති කරාබු ජෝඩු 7ක්, අත්ලඳනා හා රන් වළලු කිහිපයක් ද වන බව පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval