russia-ukraine-usa

රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමග එරට තුළ මතුව තිබෙන අර්බුදය මෙන්ම ඒ හේතුවෙන් යුරෝපා කලාපයේ අනෙකුත් රාජ්‍යයන්හි පවතින අස්ථාවරත්වයත් හේතුවෙන ඇමෙරිකානු යුද අවි නිෂ්පාදකයන්ගේ ආදායම් සහ ලාභය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශ්මයෙන්ම අදවනවිට රුසියානු ප්‍රහාර හමුවේ යුරේයේ ආරක්ෂාව වෙනුවඩොලර් මිලියන ගණන් වටිනා මිසයිල, ඩ්‍රෝන යානා මෙන්ම අනෙකුත් ගිනිඅවි ඇතුළු දහස් ගණනක භාණ්ඩ යුක්රේණය වෙත සැපයීම හරහා මෙම අවස්ථාව උදාවී ඇත.



එම යුරෝපයේ අනෙකුත් රටවල්ද රුසියාවට එරෙහිව සිය ආරක්ෂාව තරකිරීම සදහා යොමු වීමත් මෙම සමාගම්වල ආදායම් දිගුකාලීනව ඉහළ යාමට හේතුවක් වී ඇත. මෙලෙස යුක්රේනය තුළ රුසියාවට එරෙහිව යොදාගන්නා මූලිකම අවියක් වන උරහිසෙහි තබා නිකුත් කළ හැකි Javelin යුද ටැංකි නාශක මිසයිල පද්ධති රැසක් එක්සත් ජනපදය විසින් යුර්තය වෙත ලබාදී තිබේ. එසේම බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රාජ්‍යයන්ද යක්රේනයට ලබාදුන් ප්‍රධානතම අවි අතරද එම අවිය පවතී. එක්සන්ජනපදයේ ලොකිඩි-මාර්ටින් සහ රේතියන් ටෙක්නොලොජියන සමාගම් ඒකාබද්ධව මෙම අවි නිෂ්පාදනය කරයි.  මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ආයෝජන පර්යේෂණ ආයතනයක සාමාජිකාවක වන කොලින් ස්කාරොලා,



"ලබන වසරේ සෑම මාසයකදීම පාහේ නැගෙනහිර යුරෝපය වෙත මෙම කරෙහි තබා එල්ල කළ හැකි Javelins මිසයිල 1,000ක්, ඒවා විදිනයන් 1,000ක් අපනයනය කරන්න පුළුවන් වුණා එය මෙම සමාගම් දෙක වෙතම ඩොලර් බිලියන 1 සිට බිලියන 2දක්වා වූ ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසාවී." යනුවෙන් පවසා ඇත.මෙම සමාගම් දෙකෙහි පළමු වැනි කාර්තුවේ මූල්‍ය වාර්තාවන් ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට නියමිතව ඇති අතර, පසුගිය මාසයේදී පමණක් එම සමාගම් යුක්රේනය සහ එය වටා පිහිටි රාජ්‍යයන් වෙත සිදුකර ඇති ගිනිඅවි අලෙවිය හරහා ලබාගත් ආදායම් පිළිබදව අනාවරණය කෙරෙනු ඇතැයි සඳහන්වෙයි. ඉහත සමාගම් දෙකටම අමතරව නෝර්ත්රොප් ගෘමන් සමාගම, ජෙනරල් ඩයිනමින්ස් සමාගම,

බොයිං සමාගම යනාදී තවත් එක්සත් ජනපද සමාගම් රැසක්ම අවි ආයුධ නිෂ්පාදනයෙදී සිටියි. මෙහිදී විශේෂයෙන්ම රුසියානු ප්‍රහාර වෙත යුක්රේනය දක්වන ප්‍රතිරෝධය සහ ඊට එක්සත් ජනපද ගිනිඅවි මගින් ලැබෙන දායකත්වය අනුව මෙම සමාගම්වල ආදායම් තවදුරටත්  ඉහළ යනු ඇතැයි යන්නෙ මෙම ගිනිඅවි වෙළද පොළ පිළිබද විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.