
තංගල්ල, කාල්ටන් නිවස ඉදිරිපිට පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව වාර්තාවේ.
එම විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස දෙසට ද පැමිණීමට උත්සහ දැරූ අතර එම අවස්ථාවේදී කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මාර්ග බාධක යොදා තිබුණ ද විරෝධතාකරුවන් එම බාධක පෙරළා ඉදිරියට ගමන් කර තිබිණි. ඉන් අනතුරු ව විරෝධතාකරුවන් කාල්ටන් නිවස පිහිටි පරිශ්‍රයට ද ඇතුළු වීමට උත්සහ දරා ඇති බව වාර්තා විය. ඒත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වක් මතුව තිබේ.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval