covid19-uk

ඔමික්‍රෝන් විකෘතියේ උප ප්‍රභේද වන ‘බී.ඒ.1' සහ 'බී.ඒ.2' සංයෝජනය වීමෙන් නිර්මාණය වූ තවත් බිහිසුණු ‘කොවිඩ් 19" විකෘතියක් ගැන මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ විදඥයන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ “එක්ස්.ඊ යනුවෙනි.  එක්ස්.ඊ විකෘතිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා ඇත්තේ, “ඔමික්‍රෝන් ද ඇතුළු සියලු ‘කොවිච් 19' ප්‍රභේදවලට වඩා "එක්ස්.පී ප්‍රභේදයේ පැතිරීම වේගවත් බවය. ‘එක්ස්.ඊ විකෘතිය ගැන බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවුණු අතර,

ඔවුන්ට පළමුවෙන් මෙම ‘එක්ස්.ඊ' විකෘතිය හමුවුණු බව පැවැසෙන්නේ පසුගිය ජනවාරි 19 වැනිදාය.

අද වනවිට ‘එක්ස්.ඊ ආසාදිතයන් 637  දෙනකු මහා බ්‍රිතාන්‍යයේ නන්දෙසින්  වාර්තා වී තිබේ. මේ අතර ‘ඔමික්‍රෝන් ප්‍රභේදය අභිබවා යමින්, “ඔමික්‍රෝන් බී.ඒ.2” විකෘතිය මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. “ඔමික්‍රෝන් විකෘතියට වඩා ඔමික්‍රෝන්  බී.ඒ.2 පැතිරීම වේගවත් වන අතර, සංකුලතා ද බහුල යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ‘ඔමිකෝන් විකෘතිය බිහිවීමත් සමග ලොවට තර්ජනයක් වුණු ‘කොවිඩ් 19' වසංගතයේ සැර බාල වුවත්, වසංගතය තවමත් අවසන් නොවන බව ද  ලෝක සෞඛ්‍ය සංවිධානය යළි යළිත් අවධාරණය කර ඇත.

කොවිඩ් 19වසංගතය ආරම්භ වූයේ 2019 අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. 2020 වසර වෙද්දී වසංගතය ලොව පුරා ව්‍යාප්ත විය. අද යළිත් චීනයෙන් ‘කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇත.

ඒ, “ඔමික්‍රෝන් විකෘතිය හේතුවෙනි. පසුගිය මාර්තු මාසයේ පමණක් චීනයෙන් වාර්තා වූ 'කොවිඩ් 19 ආසාදිතයන් ගණන 104,000 ක්  බව චීන සෞඛ්‍ය අංශ කියයි. එයින් සියයට  90 ක් වාර්තා වී ඇත්තේ චීනයේ ආර්ථික  කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ෂිහායි  නගරයෙන් සහ ජිලින් පළාත්තේ නගරවලිනි. ඊයේ (3) වනවිට ලොව සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් ගණන 4,90,705,714 ක්   ලෙස වාර්තා විය. මරණ වාර්තා වූයේ 6,173,632 ක් ලෙසය.  වයිරසය ආසාදනය වී  සුවය ලැබූ ගණන මිලියන 425,492,016 කි. තවමත් වැඩිම ‘කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ අතින් ඉදිරියෙන් පසුවන්නේ ඇමෙරිකාවය.