
රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම්දීම ජනාධිපති මන්දිරයේදී සිදු විය.මේ අය අතර ශ්‍රීලනිපයේ සිට ස්වාධීන වූ සුරේන් රාඝවන් හා සජබයේ සිට කලකට ඉහත ස්වාධීන වූ ඩයනා ගමගේද සිටී. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වාසුදේව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගයාෂාන් නවානන්ද අද දිවුරුම් දුන් අතර ඔහු වාසු විමල් සමග පක්ෂ 11 කන්ඩායමේ සිට
ස්වාධීන බව කියා සිටි අයෙකි.ගීතා කුමාරසිංහටද රාජ්‍ය ඇමති ධූරයක් පිරිනමා ඇත.කලකට ඉහත සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ ලොහාන් රත්වත්තේ,අරුන්දික ප්‍රනාන්දු,ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත වැනි අයටද රාජ්‍ය ඇමති ධූර පිරිනමා ඇත.
අද (18) පත්වුණු කැබිනට් නව අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය පාලන කටයුතු සඳහා සම්බන්ධ වන විවිධ විෂය පථයන්ට අයත් වන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පත්වීම් ලබා ඇත.
දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනා පහතින්
01. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02. රෝහණ දිසානායක මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
03. අරුන්දික ප්‍රනාන්දු මහතා - වැවිලි රාජ්‍ය අමාත්‍ය
04. ලොහාන් රත්වත්තේ මහතා - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. තාරක බාලසූරිය මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
06. ඉන්දික අනුරුද්ධ මහතා - නිවාස රාජ්‍ය අමාත්‍ය
07. සනත් නිශාන්ත මහතා - ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
08. සිරිපාල ගම්ලත් මහතා - මහවැලි රාජ්‍ය අමාත්‍ය
09. අනුරාධ ජයරත්න මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
10. සිසිර ජයකොඩි මහතා - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
11. ප්‍රසන්න රණවීර මහතා - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
12. ඩී.වී. චානක මහතා - සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
13. ඩී.බී. හේරත් මහතා - පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
14. කාදර් කාදර් මස්තාන් මහතා - ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
15. අශෝක ප්‍රියන්ත මහතා - වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
16. ඒ. අරවින්ද් කුමාර් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
17. ගීතා කුමාරසිංහ මහත්මිය - සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
18. ගුණපාල රත්නසේකර මහතා - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික
ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
19. කපිල නුවන් අතුකෝරල මහතා - සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
21. ආචාර්ය සුරේන් රාඝවන් මහතා - අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
22. ඩයනා ගමගේ මහත්මිය - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
23. සීතා අරඹේපොළ මහත්මිය - අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
