
අද සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ සාදවල දී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටියි.
ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.