තමන් ස්වාධීන වන බව මීට දින කිහිපයකට පෙර දන්වා වත්මන් රජය වෙනස්විය යුතු බවට විවිධ ආකාරයේ විරෝධතා අදහස් දැක්වීම් හෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ප්‍රකාශ කළ අය 5 දෙනෙකු අද දින ජනපති ලබාදුන් ඇමති ධූර හා රාජ්‍ය ඇමති ධූර වලට කැමැත්තෙන් භාරගෙන ඇති අතර ඒ අය ‘ගනුදෙනු‘ සිදුකර ඇතිදැයි සැකයක් දේශපාලන ක්ෂේත්‍රයෙහි කතාවන්නට පටන්ගෙන ඇත.


පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ශ්‍රීලනිප කන්ඩායමේ ප්‍රතිපත්ති පාවාදෙමිනි.
සුරේන් රාඝවන් මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු
මන්ත්‍රීවරයෙකු ලෙසය. මින් ඉහත ඔහු අප්‍රේල් 7 වන දා සවස 1.04ට සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහනක දැක්වෙන්නේ, "ජනපති
තුමනි, (ඔබේ සේවයට ස්තුතියි) හැකි ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉල්ලා අස්වෙන දවස
දන්වන්න," යනුවෙනි.
ශ්‍රීලනිපයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාද රාජ්‍ය ඇමති ධූරයක පසුගියදා දිවුරුම් දුන් අතර මේ එම පක්ෂයේ ප්‍රතිපත්ති කඩාගෙන ඇමතිකං ලබාගත් දෙවැනියාය.



පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගයාෂාන් නවානන්ද අද රාජ්‍ය ඇමති ධූරයක දිවුරුම් දුන් අතර වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11ක මන්ත්‍රීවරු 42ක් පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වූ පසු එම ප්‍රතිපත්ති කඩාගෙන ඔහු ඇමති ධූරයක් ලබාගෙන ඇත.
පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් විපක්ෂයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන්නෙකු වන අතර 20 වන සංශෝධනයටද ගෝඨාභය ජනපතිට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අයෙකි.
මින් ඉහත ස්වාධීන වන බවට ආරංචි පැතිරුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ද රාජ්‍ය අමාත්‍යාංශයක් භාර ගත්තේය.
විපක්ෂයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගිය කාලයේ දිගටම කටයුතු කළේ රජයට පක්ෂව බැවින් ඇය අරගලයට සම්බන්ධ නැත.   ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 42 දෙනාගේ කණ්ඩායම මේ වන විට 38 දෙනෙකු දක්වා අඩු වී ඇත.මුස්ලිම් කොංග්‍රසයේ රජයට විරුද්ධ පුතිපත්ති පාවාදී නසීර් අහමඩ් සමග අරගලයට එක්වන වන බවට රටට කියූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු මේ වන විට යළි රජයට එක්ව තිබෙයි.