
සබන් මිල සියයට 100කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර ඇත. මේ අනුව රුපියල් 70ක්ව පැවැති ග්‍රෑම් 115 සන්ලයිට් කැටයක් රුපියල් 135ක් දක්වා ද, රුපියල් 74ක්ව පැවැති බේබි සබන් කැටයක් රුපියල් 175ක් දක්වා ද, රුපියල් 75ක්ව පැවැති ලයිෆ්බෝයි සබන් කැටයක් රුපියල් 145 දක්වා ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මේ සමගම සබන් කුඩු සහ සබන් දියර ආදී සබන් ආශ්‍රිත සියලුම නිෂ්පාදනවල මිල සියයට 100කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, දත් බුරුසු සහ ෂැම්පු වර්ගවල මිල ද ඉහළ දමා ඇත. දේශීය සබන් නිෂ්පාදකයන් මේ දක්වා මිල ඉහළ දමා නොමැති අතර, දේශීය නිෂ්පාදකයන්ගේ ද නිෂ්පාදන වියදම ඉහළ යෑම නිසා ඉදිරියේදී මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval