
1978 ව්‍යවස්ථාව හඳුන්වාදෙමින් ඇතිකළ විධායක ජනාධිපති ක්‍රමය මෙරට නොගැළපෙන බව එය ඇතිකරන අවස්ථාවේදීම මෙරට අතැම් පක්ෂ සදහන් කළද, පසුකාලීනව එම පදවිධායක ජනාධිපති ධුරය සඳහා තරග කරන තත්වයට පත්වුණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව පවසමින්, බලයට පැමිණි කිසිදු ජනාධිපතිවරයෙක් එය සිදුකළේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයන් ලෙස එම පොරොන්දු ලබාදුන් අය වේ.
එමෙන්ම මොවුන් ජනාධිපති අපේක්ෂිකයන් ලෙස මැතිවරණයට ඉත්වූ අවස්ථා තුනේදීම ඒ සදභා ජනතා කැමැත්ත ලැබී ඇත. එසේ වුවද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උත්සාහ කිරීමක් හෝ ඔවුහු සිදුනොකළහ. චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ සමයේ නව ව්‍යවස්ථාවක් ගෙන එමින් එය සිදුකිරීමට සැලසුම් කර තිබුණද, එවකට එක්සත්ජොතික පක්ෂය එයට සහයෝගය නොදීම හේතුවෙන් ව්‍යර්ථ විය. එමෙන්ම එම ආණ්ඩු සමයේදී 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් යම් තරමකට හෝ ඊට ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට, පාර්ලිමේන්තු බලය ශක්තිමත් කිරීමට උත්සාහ කර තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසමින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය අහෝසි කරනු වෙනුවට 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් පූර්ණ බලැති විධායක ජනාධිපතිධුරයක් ස්ථාපිත කර ගත්තේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබදවයි. තමා ජනාධිපති වූ සැණින් එය අහෝසි කරන බවට ඔහු සඵත කළේය. ජනාධිපති වූ පසු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමි දේහය ඉදිරිපිටද එයයළි සම්පත කළේය. කෙසේ වෙතත් ඔහුද ජනාධිපති ධුරය හැරදායනතුරුවිධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් සිදුනොකළේය. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් යම් තරමකට පාර්ලිමේන්තුව ශක්තිමත් වූ අතර, එය සම්මත කර ගැනීමට මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උපරිම සහයෝගය ලබා දුන් බවද සඳහත්කළ යුතුය.
එමෙන්ම වත්මජනාධිපතිවරයා පෙර පැවති ක්‍රමයට වඩා බලවත් විධායක ජනාධිපති ධුරයක් ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය කර ගත් අතර, මේ වනවිට ජනතා උඝෝෂණ මතුව ඇත්තේද එම තනතුරේ ක්‍රියාකලාපයට විරුද්ධවය.කෙසේවුවද සිරිසේන මහතා පසුගිය දිනක ගහ පැවති ජනහමුවකදී ප්‍රකාශ කරති බුණේ "රටට හෙනහුරා ලැබුවේ විධායක ජනාධිපති ධුරය නිසා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. ඊට ප්‍රජාතන්ත්‍රවාදී කළ යුතුයි. එවිට ලෝකයේ රටවල් සලකනවා” යනුවෙනි.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පසුගියදා රූපවාහිනි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පව තිබුණේ, විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කළ යුතු බවයි.එමෙන්ම මහින්ද රාජපක්ෂවත්මන් අගමැතිවරයාද 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආපසු යා යුතු වැනි සදහනක් පාර්ලිමේන්තුවේදී සිදුකළේය.
පක්ෂ නායකවරුන්, විපක්ෂනායක සජිත් ඇතුළු විපක්ෂයේ පක්ෂද මෙවර පාර්ලිමේන්තු සතියේදී මේ බව අනාවරණය කළේය. මේ වන විට වි විසිල්ලෙන්ම ආණ්ඩු පක්ෂය විසින්ද 21වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා සකසමින් තිබේ. නීතියේ පාලනයට නතු නොවන, සියල්ලටම ඉහළින්සිටින විධායක ජනාධිපති ධුරය රටට නොගැළපෙන බවත්, එවැනි ජනාධිපතිවරයෙක් නඩත්තු කිරීම තවදුරටත්ෂණයට පාර කැපීමක් බවද මේ වන විට ජනතාව තේරුම් අරගෙන තිබේ. විධායක ජනාධිපති ධුරයේ ද අනිසි බලතල පිළිබදව ජනතාවට ප්‍රමාණවත් අවබෝධයක් ඇති බැවින්,යළි යළිත් ඒ පිළිබඳව කතා කිරීම අවශ්‍ය නොවනු ඇත. ඉතිහාසයේ සිදුනොවූ විරූ අයුරීන් දැවැන්ත විරෝධයක් ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන අතර, ජනාධිපතිවරයා වහාම ගෙදර යා යුතු බවට අරගලකරුවෝ ඉල්ලමින් සිටිති. එමෙන්ම පාලන තන්ත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබදවද ජනතාව අතරින් යෝජනා මතුව තිබේ.
රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි. එසේ වුවද රටක ජනතාව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටරට ක්‍රියාත්මක වීමේදී ඇතිවන අඩුපාඩු හඳුනා ගනිමින්, එය අවශ්‍ය නැති බවට ප්‍රකාශ කර සිටී නම් වැදගත් වන්නේ පරමාධිපත්‍ය හිමි ජනතාවට ඇහුම්කන් දීමයි. ජනතාවගේ පරමාධිපත්‍ය මත ව්‍යවස්ථාව නිර්මාණය වී ඇති අතර, ව්‍යවස්ථාවට අනුව ජනතාව නිර්මාණය වී නොමැත. කෙසේ වෙතත් මේ බව පාලකයන් තවමත් තේරුම් ගෙන නොමැති බව පැහැදිලිය.පවතින අර්බුදකාරී තත්වය විසදීමට 20වැනි ආණ්ඩුක්‍රම වස්ථා සංශෝධනය අහෝසි කර, කෙටිකාලීන අන්තර්වාර රජයකට යා යුතු බව මේ වනවිට යෝජනා වී තිබේ. ඒ අනුව එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙධ අදහස් යෝස්තා ඇති අතර, සිවිල් ප්‍රජාව අතරින් මෙවැනි යෝජනාවද පැමිණ තිබේ.
ඒ මෙසේය.මාස 06ක් සඳහා අන්තර්වාරයම්පිහිටුවා ගැනීම, ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා පත් කිරීම, අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා සේම කැබිනට් මණ්ඩලයේද ප්‍රධානියා ලෙස කටයුතු කිරීම, කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ට සීමා කිරීම ලෙසය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර, නාමික ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම, ජාතික ප්‍රතිපත්ති සදහා වූ රාජ්‍ය සභාවක් පිහිටුවීම, රජයේ සියලුම අංශ රාජ්‍ය සභාව තුළ නියෝජනය කිරීම යන කරුණු අන්තර්වාරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීම එම යෝජනා වේ.
ජාතික ප්‍රතිපත්ති සදහා වූ රාජ්‍ය සභාවක් (council of state) සංකල්පය මෙරටට අලුත්වන අතර, මේ වන විට එය ප්‍රංශයේඉතා හොදින් සිදුකරමින් පවතී. ප්‍රතිපත්ති, නීති සහ රෙගුලාසි කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබද සියලු කාරණා සම්බන්ධයෙන් අමාත්‍ය මඩලය රාජ්‍ය සභාව සමග සාකච්ඡා කරක්‍රියා කළ යුතුවීම මෙහි අතිවිශේෂත්වයයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කිරිම මෙම සභාවේ කාර්ය වේ.ජාතික ප්‍රතිපත්ති පිළිබද තීන්දු කිරීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පුරවැසියන්ගේ සහභාගීත්වය ලබා ගනිමින්, අධිකාරිවාදය වළක්වා ප්‍රජාතන්ත්‍රවාදිව පාලනය කිරිම මේ හරහා සිදුවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ආර්ථිකය, රාජ්‍ය පාලනය, දූෂණය පිටුදැකීම, අධ්‍යාපනය ආදී කරුණු ඇතුළු සියලු ප්‍රතිපත්ති ද මෙම සභාවේදී සමාලෝචනය කළ හැකිය. ද ප්‍රශය තුළ මෙම සභාව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින්පවතින ද අතර, මේ හරස්සාකැබිනට් මණ්ඩලය හෝ අමාත්‍යවරුන් ක්‍රියාත්මක ද කිරීමට සූදානම් වන අත්තනෝමතික තීරණ වළක්වා ගැනීමට ද අවස්ථාව ඇත.මේ සඳහා සාමාජිකයන් ලෙස සමාජයේ සියලුම අංශ නියෝජනය ද කළ යුතුය. සිවිල් සංවිධාන, විදවතුන්, වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන ආදි සාමාජිකයන් මේ සදහා පත්කළ යුතුය. එමෙන්ම ද මේ තුළ තරුණ හා කාන්තා නියෝජනය අවම වශයෙන් 40% හෝ ද තිබිය යුතුය. රාජ්‍ය පාලන තන්ත්‍රයට සමගාමී මෙවැනි සභාවක් “ තිබීම තුළින් මහජනයා සහ පාලකයා අතර සමීබව ඔවුන්ගේ ද අද හුවමාරුවටද ඉතා පහසු වනු ඇත.
එමෙන්ම ගෝල්ෆේස් පිටිය ඇතුළු සියලු අරගල භූමිවල අරගල භූමිවල අරගල කරන සියල්ලෝම අරගලයෙන් පසු රටෙහි කුමන වෙනස්කම් ඇති ද විය යුතුද යන්න පිළිබඳව සංවාදයක් ඇති කළ යුතුය. එමෙන්ම ද ඔවුන්ට ඒ සඳහා දායක විය යුතුය. ජාතික ප්‍රතිපත්ති සදහා වූ රාජ්‍ය සභාවක් ඒ සඳහා මහගු තෝතැන්නක් වනු ඇත. එමෙන්ම මේ වන විට දේශපාලඥයන්ගේ වත්කම්, බැරකම් තොරතුරු හෙළිකරන ලෙසත්, දේශපාලඥයන්, දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නිලධාරින්ගේ ඉහළ නිලධාරී තන්ත්‍රය විගණනයට ලක්විය යුතු බවද අරගලය තුළින් - ප්‍රකාශයට පත්ව තිබේ.
දිර්ඝ කාලයක් පුරාවට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, මෙලස ජනතාවගෙන් එවැනි මතයක් ඉදිරිපත්වීමද ඉතා වැදගත් කාරණයකි. ඒ ආකාරයට රට තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබද සංවාද ඇති කරමින්, එම යෝජනා ක්‍රියාත්මක කර ගැනීමට පාලකයන් හැසිල්වීම සඳහා ජනතාව පුරවැසියන් ලෙස කටයුතු කිරිම මේ මොහොතේ ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබේ.
චාමර සම්පක් (Ada)

