
ක්ෂණික මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන තිබෙන ඉන්ධන නැව් තුනකට ගෙවීමට ඩොලර් නොමැති වීම නිසා දින 08ක් තිස්සේ එම නැව් තුන ජාත්‍යන්තර මුහුදේ නවතා ගෙන සිටින බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මෙම දින අටක කාලයට අමතරව මෙම නැව තුන ගොඩබාන දින දක්වා විශාල ඩොලර් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
ඔක්ටේන් 92 හා ඔක්ටේන් 95 වර්ෂයේ පෙට්‍රල් සහිත නැවක් හා සුපිරි ඩීසල් හා සාමාන්‍ය ඩීසල් සහිත නැව් දෙකක් මේ ආකාරයට ජාත්‍යන්තර මුහුදේ නවතා ගෙන සිටින බවත්, මෙම එක් නැවක ඉන්ධන මෙට්‍රික්ටොන් 38,000ක් පවතින බවත් ඒ මහතා පවසා සිටියේය.මීට අමතරව ඉන්දීය ණය පහසුකම් යටතේ ලබාදෙන අවසාන ඉන්ධන නැව මේ වනවිට මෙරටට පැමිණ තිබෙන බවත්, දෙවැනි ඩොලර් මිලියන පන්සියයක ණය මුදලට අදාළ ගිවිසුම් අත්සන් කර නොමැති නිසා ඉන්දීය ණය පහසුකම් යටතේ ඉන්ධන නැව් ලැබෙන දිනයක්වත් සඳහන් කළ නොහැකි බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
මේ නිසා දැනට පවතින ඉන්ධන අර්බුදය ඉදිරි දිනවලදී තවත් ඉහළ යා හැකි බවත්, පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් ලබාගැනීමටවත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් හෙතෙම පැවසීය. දින දෙසියයකින් ගෙවීමේ පදනමින් ඩුබායි සමාගමක් හා සිංගප්පූරු සමාගමක් බොරතෙල් නැව් දෙකක් ලබාදීමට පොරොන්දු වී තිබූ බවත්,
එහෙත් රට තුළ පවතින අර්බුදය නිසා ණය ගෙවීමේ කාලය දින 30ක් දක්වා අඩු කර තිබෙන අතර, මේ නිසා මෙම බොරතෙල් නැව් දෙක ලබාගැනීමත් අර්බුදයට ලක් වී තිබෙන බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය.
වෙළෙඳ පොළේ පවතින මිලට වඩා 20%ක් අඩුවෙන් වසර දෙකකට පසු ණය ගෙවීමේ පදනමින් රුසියාවෙන් මෙරටට ඉන්ධන හා බොරතෙල් ලබාගැනීමට හැකියාව තිබියදී එය අමතක කර දමා එහෙත් ඉන්දියාව රුසියාවෙන් එම පහසුකම් ලබාගෙන වැඩි මිලට මෙරටට ඉන්ධන ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.
(ඉන්දික හේවාවිතාරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval