sjb-protest-kandy

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පා ගමන අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය . විශාල කපුටෙක් සහිත වාහනයක්ද ගමන් කරනු දිස් විය.
පා ගමන පේරාදෙණිය මාර්ගය ඔස්සේ ගමන් කොට පේරාදෙණිය කඩුගන්නාවට පැමිණ මාවනැල්ලෙන් අද දින අවසන් කිරීමට නියමිතයි.හෙට(27දා) මාවනැල්ලේ සිට ගලිගමුවටත්, අනිද්දා(28දා) ගලිගමුවේ සිට දංඹ්විටටත්, 29 වැනිදා දංඕවිට සිට යක්කලටත්, 30 වැනිදා යක්කල සිට‍ පෑලියගොඩටත් පැමිණෙන අතර, ඉන් අනතුරුව මැයි 01වැනිදා කොළඹදී නිදහසේ අරගලයක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.