BASL-letter

රට තුළ ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් පැනනැගුණහොත් එය රටේ බැරෑරුම් ගැටලුවක් වීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී.දැඩි තුවාල සිදුවිය හැකි උල් සහිත යකඩ ඇණ කළු පාට ඉටිරෙදිවලින් ආවරණය කර යොදා තිබීමෙන් උද්ඝෝෂකයන්ට මෙන්ම මහජනතාවටද සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් ඒ බව අවධාරණය කර ඇත.



විරෝධතාවක නියැළෙමින් සිටින ගෝල්ෆේස් ප්‍රදේශයට පැමිණෙන මාර්ගයේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීම මෙන්ම එම මාර්ගයේ උල් සහිත යකඩ ඇණ කළු පාට ඉටිරෙදිවලින් ආවරණය කර යොදා තිබීමෙන් උද්ඝෝෂකයන්ට මෙන්ම මහජනතාවද අපහසුතාවන්ට ලක්වන බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය උල් . සහිත යකඩ ඇණ යොදා මාර්ග බාධක ඉදිකිරීමෙන් ජනතාව විශාල අනතුරුවලට ලක් වීමේ අවදානමක් ඇති බවද පෙන්වා දී ඇත.



පොලීසිය යොදා ඇති මාර්ග බාධක හේතුවෙන් මහජනතාවට ගමන් බිමන් යෑමට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහජනතාවට නිදහසේ ගමන් බිමන් යෑමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට පොලීසිය බැඳී සිටින බවද වැඩිදුරටත් අවධාරණය කර සිටී. ජනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලීසිය ඇතුළු සියලු තරාතිරමකම නිලධාරීන්ගේ වගකීම වන්නේ ජනතාවගේ මෙන්ම විරෝධතාකරුවන්ගේද ආරක්ෂාව තහවුරු කිරීම බව


තරයේ අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු තත්ත්වයන් තුළදී දැඩි ශික්ෂණයෙන් යුතුව හැසිරෙන ලෙසත්, සෑම අවස්ථාවකදීම දැඩි සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත් පොලීසිය ඇතුළු සියලු දෙනාගෙන් තරයේ ඉල්ලීමක් කර ඇත. මෙම ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් පැන නැගුණහොත් එය රටේ බැරෑරුම් ගැටලුවක් වීමට හැකියාව ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.



(බුද්ධිමාල් රුබේරු)