badurdeen-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳව මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුනා.



" රාජපක්ෂලා ෆෙල් නිසානේ අද ජනතාව පාරට බැහැලා අරගල කරන්නේ. අද රටේ ජනතාවට ජිවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිත් තියනවා. ඉතිං ජනතාව ගැන ආදරයක් තියනවා නම් එතුමා ඉල්ලා අස්වෙලා, ජනතාවට කැමති ආණ්ඩුවක් පිහිටුවා ගන්න උදව් කරන්න ඕනේ..අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා කථානායකතුමාට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය බාර දුන්නා.ඒ තුළ අරගල භූමියේ ඉන්න ජනතාවගේ ඉල්ලීම ගොඩක් ඉටුවෙනවා 21 වැනි ව්‍යාවස්ථා සංශෝධය ඉටු වුනා නම්. නමුත් හෙට ඡන්ද තියන්න තත්ත්වයක් නැති නිසා මාස කිහිපයකින් අනාගයේදී අපිට ඡන්දයකට යන්න වෙනවා. නමුත් ඡන්දේකට යන්න එනකන් මොකක්හරි විසඳුමක් කරගන්න ඕනේ.. එත් එක්කම අපි අයිඑම්ෆ් එකට යන්න කිව්වේ මීට අවුරුද්දකට විතර කලින්.ඒ කාලේ අජිත් නිවාඩ් කබ්රාල් සහ මේ ආණ්ඩුවේ ඉන්න ඉහළ පිරිස කිව්වා අපි යන්නේ නැහැ කියලා. ඒ වේලේ එයාලා ගියා නම් මේ වගේ ප්‍රශ්න අපේ රටට එන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ හැම පැත්තම ෆෙල් වෙලා තියෙන්නේ.

මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ. මම වෙළඳ ඇමති වෙලා හිටිය කාලේ බඩු මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් වාගේ උපරිම අඩු මිල මෙකයි කියලා තීරණය කරලා ගැසට් කරලා තිබ්බා. ඒ වගේ පාලනයක් අපේ කාලේ තිබුනා. මම ඉද්දී හාල් මිල රුපියල් 80යි තිබ්බේ. දැන් 200යි හාල්. කිරිපිටි රුපියල් 385ට තිබුනා දැන් 785යි. ඉතිං මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන්ද? ජනාධිපතිතුමා ගත්ත වැරදි තීරණ නිසා තමයි මේ ඔක්කොම වුනේ.එතුමා ජනතාව ගැන ආදරයක් තියනවා නම් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන්න ඕනේ.නැත්තම් මේ රට විනාශ වෙනවා."