shavendra-speaks

හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.



''ජනතාව ඉදිරියේ ඇති ආර්ථික අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශ වල ශ්‍රී ලංකා ජනතාව  ඉතාමත්ම සාමකාමි ලෙස උද්ඝෝෂණ හා විරෝධතා පවත්වමින් සිටිනවා..


මේ උද්ඝෝෂණ හා විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් පැමිණිලා විශේෂයෙන්ම මේ මාර්ගයේ ගමන් කරන ජනතාවට එම මාර්ග වල ගමන් කිරීමට අපහසු වන ආකාරයට කටයුතු කරමින් සිටින බව අපි දැක්කා...ජනතාවට ගමන් කිරීමට අපහසු වන ලෙස කටයුතු කිරීමත්, ඒ වගේම යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව තෙල් බවුසර රටේ විවිධ ප්‍රදේශ වෙත රැගෙන යාමටත් අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ අනෙකුත් ප්‍රදේශ වෙත රැගෙන යාමටත් පහසුකම් සලසලා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා..

ඒ අනුව අපි ඒ පහසුකම මේ අවස්ථාවේදි සපයමින්සිටිනවා...විශේෂයෙන්ම අපි දැක්කා රටේ ජනතාව ඉදිරිපත් වෙලා සමහර ස්ථාන වලදී මෙවැනි බාධක ඇති වෙච්ච ස්ථාන වලට ඉදිරිපත් වෙලා ඔවුන් විසින්ම මේ බාධක ඉවත් කීරීම කටයුතු කරනු ලැබුවා...

එවැනි ජනතාවට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදි පුදකර සිටිනවා...

බුද්ධිමත් ශ්‍රී ලංකාවාසි ජනතාවගෙන් අපි මේ අවස්ථාවේ ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ යුධ සමයේදි විශේෂයෙන්ම කොවිඩ් වසංගත කාලයේදි ත්‍රිවිධ හමුදා පොලිසිය සමඟ එකතු වෙලා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරනු ලැබුවා ඒ ආකාරයෙන්ම මේ අභියෝගාත්මක අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ  ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කරලා ජනතාවටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගෙන යාමටත් අවස්ථාව සලසා දීම සඳහා ඔබගේ සහයෝගය ලබාදෙන ලෙස ආදරණිය ශ්‍රීලංකාවාසි ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි..''