
බ්‍රහස්පතින්දා රාත්‍රී මිරිහානේ ඇතිවූ සිදුවීමේදී හමුදා අංශ බලා සිටියදී ඔවුනට අයත් බස් රථයක් ගිනි තැබීම පිළිගන්නට අපහසු කතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
මෙවැනි ස්ථානයක එතරම් දෙයක් සිදුවෙද්දී හමුදාව උඩබලා සිටීම පිළිගන්නට අපහසු බවත් මෙවැනි ක්‍රියා හමුදාව අවතක්සේරුවට ලක් කෙරෙන ඒවා බවත් පවසන ෆොන්සේකා දේශපාලන උවමනාවකට බස් රථයට ගිනිතබන්නට ඉඩ ලබාදී ඇති බවක් පෙනී යන්නේ යයි සඳහන් කලේය. හමුදාවේ අරමුණ ජනතාව ආරක්ෂා කිරීම මිස දේශපාලකයින්ගේ උවමනාවන් මත මෙවැනි ක්‍රියා සඳහා සහය දීම නොවන බවද අවධාරණය කලේය.
සෙනසුරාදා පැවති සජබ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු එසේ කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval