sanga-letter

රට තුළ දේශපාලනික ස්ථාවරභාවයක් ඇති කර ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෙනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව සඳහන් කරමින් ත්‍රෙනිකායික මහනාහිමිපාණන් වහන්සේලාගේ අත්සනින් යුතුව ඊයේ (20දා) ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට විශේෂ ලිපියක් යොමු කර තිබේ.



රට තුළ උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීම සඳහා  ත්‍රෙනිකායික මහනාහිමිපාණන් වහන්සේල්ලා විසින් ඉදිරිපත් කරන ලද කරන ලද යෝජනා මාලාව පිළිබඳ අවධානය යොමු නොකර තවදුරටත් තා ගැටලු පිළිබඳ අසංවේදීව කටයුතු කිරීම නිසා මෙම විශේෂ ලිපිය ඉදිරිපත් කර තිබේ.

එම ලිපියේවැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ.

"රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳාමහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් අප විසින් ගරු ජනාධිපතිතුමන් වෙත 2022 අප්‍රේල් මස 04 වැනි දින යොමු කළෙමු. එහෙත් එහි යෝජනා මාලාව පිළිබඳ සාධනීය අවධානයක් යොමු නොකිර්ම පිළිබඳ අපගේ සංවේගය පළ කරමු. ජනතාව මුහුණ දෙන උග්‍ර ජීවන අර්බුද පිළිබඳ මෙන්ම දිවා රෑ දෙකෙහි අව්වැසි  නොතකා පෝලිම්වල රැඳී සිටීමෙන් මියැදෙන ජනතාව කෙරෙහි තවදුරටත් අසංවේදීව කල් මරමින් වගකීම් විරහිතව කටයුතු කිර්ම  හේතුවෙන් සමස්ත රටවාසීන් අත්විඳින පීඩාවටරටේ රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙකුම වගකිව යුතුය.



මෙම අර්බුදකාරී අවස්ථාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් සමස්ත මහජනයා පිළිබඳ සංවේදීව රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙකුම එක්සිත්ව එක්සත්ව සිය පූර්ණ දායකත්වය ලබාදීමට කැපවිය යුතුය. ඉතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජය සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කිර්මට අපි අදහස් කර ඇත්තෙමු ”යැයි ලිපියෙහි සඳහන් වෙයි.

එසේම එම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු නොකර, තවදුරටත් ජනතා ගැටලු පිළිබඳ අසංවේදීව කටයුතු නොකරන ලෙසත් රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට මෙම ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම්, ත්‍රෛනිකායික මහා සඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් මෙම ලිපියෙන් අවධාරණය කර සිටිති.

 ෂේන් සෙනෙවිරත්න