
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට විපක්ෂ නායක කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා පැමිණ තිබේ.
මේ දක්වා රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ චීනය නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයා විපක්ෂය වෙත ‘කුරුමානං‘ ඇල්ලීම ආණ්ඩුව සමග සහය වෙනස් වීමක් ලෙස දේශපාලන ආරංචි පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව මෙහිදී විපක්ෂ නායකවරයා පවසා ඇත.
දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව මත
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම සාකච්ඡාවට ගැනුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval