
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර නිවස ඉදිරිපිට විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ පිලියන්දල නිවස ඉදිරිපිට විරෝධතා කරමින් සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහාද ටික වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එමෙන්ම පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ නිවස ඉදිරියේ විරෝධතාවෙහි යෙදුණු පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් පොලිසිය විසින් එල්ල කර ඇත.
දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4දා) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලය අසලදී උද්ඝෝෂණය කරමින් කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
ගේ නිවස අසල පැවති මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කිරීමට සිදුවු අතර හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, ශෂින්ද්‍ර රාජපක්ෂ, ගාමිණී ලොකුගේ , නිමල් ලාන්සා , රමේෂ් පතිරණ ඇතුළු රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවාස ඉදිරිපිට ද මහජනතාව විරෝධතාවයේ නියැලුන බව වාර්තාවේ .
Comments
Post a Comment
Your comment will be visible after approval