rathmalana-air-basil

රත්මලාන ගුවන් තොටුපොළෙන් සෙනසුරාදා (16) පිටත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකු බව ‘ සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. ජෙට් යානයක් ගුවන් තොටුපොළින් පිටත්වූ බවටත් එහි වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් නිසා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පලා ගොස්’ ඇතැයි සමාජ මාධ්‍ය තුලත් ඉන් පිටතත් ‘කතා බහක්" ඇති වී තිබිණි.  සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව ‘සෙස්නා සයිටේෂන් (Cessna Citation) සමාගමට අයත් වාණිජ ජෙට් යානයක් මෙලෙස රත්මලාන ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් ඇත.

එහි ගමන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකු බවද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

අදාළ බ්‍රිතාන්‍ය ජාතික යුවළ එම ගුවන් යානයෙන්ම මාර්තු මස 28 වැනිදා මෙරටට පැමිණ ඇත.කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහු ගුවන් මගින් වෙනත් රටකට යනු ඇතැයිද කතාබහක් නිර්මාණය වී තිබිණි.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව  ඔහුගේ මාධ්‍ය නිලධාරියා පැවැසීය.