president-speech-tv

අද (18) උදෑසන කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍යධූරවල දිවුරුම් දුන් අතර ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.



අමාත්‍යවරයෙකු වශයෙන් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකරන්නැයි ජනාධිපතිවරයා නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන ලෙස සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි. එය විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් ලෙස පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ, අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා.

ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කරන්න. අද රාජ්‍ය ආයතන බොහෝමයක් පවතින්නේ බරපතළ මුල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කරගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අද පවතින මේ අර්බුදය ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්කම මම ඉල්ලා සිටිනවා තරුණයින්ගෙන් ඒකට උපකාර කරන්න කියලා.”
නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපතිතුමා කළ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.