
දහනව හැවිරිදි විවාහක කාන්තාවකගේ සිරුරට යක්ෂයෙකු ඇතුළුවී ඇති බව කියමින් එම යක්ෂයා පලවා හැරීමට යැයි පවසා ඇය නිරුවත් කර තෙල් සාත්තුවක් කරන අතරවාරයේ ලිංගික අතවරයක් කරන ලදැයි කියන කපුවෙකු
රාගම ප්‍රදේශයේ දී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.තෙල් වර්ගයක් රත්කර මන්තර මතුරමින් සිරුරේ ගෑමේ දී මෙම කාන්තාව ගේ උදර ප්‍රදේශය ද පිළිස්සී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙක් පැවැසීය.කාන්තාව නිරුවත්කර මෙසේ තෙල් ගාන අතරවාරයේ සැමියා ඉදිරිපිටදී ඇයට කපුවා විසින් ලිංගික අතවරයක් කර තිබෙන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි දෙදරු පියෙකි. රාගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මෙම කාන්තාව කාලයක සිට රාත්‍රී කාලයේ නින්දේන් බියවී ඇහැරෙන නිසා එයට සහනයක් ලබා ගැනීමේ අරමුණින් සැමියා ඇයත් කැටිව එම ප්‍රදේශයේම දේවාලයක් පවත්වාගෙන යන කපුවකු මුණගැසීමට ගොස් ඇතැයි පොලිසිය කියයි. කපුවා කාන්තාව පරීක්ෂකර බලා ඇයගේ සිරුරට යක්ෂයකු ඇතුළු වී ඇති නිසා මෙවැන්නක් සිදුවන බවට පවසා ඇත. බිරිඳගේ සිරුරට ඇතුළු වී ඇති යක්ෂයා පන්නා දැමීමට සැමියා කපුවා තම නිවසට ගෙන්වාගත් අවස්ථාවේ මෙවැන්නක් සිදුකර තිබෙන බව එම පොලිස් නිලධාරියා කීය.
තමාට කපුවා ලිංගික අතවරයක් කළ බවට 19 හැවිරිදි කාන්තාව කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval