basil-leaves-country


12pm update
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත බවට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ලංකා හොස්පිටල් පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන බවට ප්‍රචාරය කෙරුණ හිටපු මුදල් ඇමති බැසිල්

රාජපක්ෂට සත්‍ය ලෙසම එවැනි රෝගයක් වැළඳී ඇතිද යන්න සැක සහිත බවට සමාජ මාධ්‍ය පොස්ටු පළවෙමින් පවතී.
ඔහු මින් ඉහත නඩු වලින් බේරිම සඳහා බොරු ලෙඩ ගෙන ගිලන් රථ වලින් උසාවියට පැමිණි අයෙකු බවටද අදහස් දක්වා ඇති ඇතමුන් පවතින දෝෂදර්ශන වලින් මිදී රටින් පළායාමට මෙම අසනීපය නිර්මාණය කරගෙන ඇති බවට ඇතැමුන් අදහස් දක්වා ඇත.


මේ දක්වා කොරෝනා වැළදුන අය විදෙස් රටවලට ගොස් ඒ සදහා ප්‍රතිකාර ලබාගත් ආරංචි ලැබී නැති පසුබිමක බැසිල් කොරෝනා නිසා අසධ්‍යව ඇතැයි ප්‍රචාරයක් දියත් කර රටින් පළායන්නට උත්සාහ කරන බවටත් ඒ සදහා රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් යානයක් වෙනම පැමිණ ඇති බවටත් ඇතැම් ආරංචි සමාජ මාධ්‍ය තුළ පළව තිබේ.
සිංගප්පූරු රෝහලකට රැගෙන යාම සඳහා ගිලන් සේවා සපයන සමාගමකට අයත් ගුවන් යානයක් රත්මලාන ගුවන් තොටුපල වෙත පැමිණ ඇතැයි සමාජ ජාලා පරිශීලකයන් මේ අනුව දන්වා ඇත.


එම පුවත ආරංචි වීමෙන් පසු ගාලු මුවදොර බලා ඇදෙමින් සිටින විශාල ජනකායක් රත්මලාන ගුවන් තොටුපල දෙසට හා තවත් කොටසක් ලංකා හොස්පිටල් වෙත ඇදෙමින් සිටින බවටද වාර්තා පළව තිබේ.
නාරාහේන්පිට “ලංකා හොස්පිට්ල්” රෝහලට මේ වනවිට වැඩි ආරක්ෂාවක් සපයා ඇති බවද කියැවේ.