
මේ මොහොතේදී ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් අප රුපියල් තුත්සිය හතළිහක් ගෙවිය යුතුය. ඔබ මේ ලිපිය කියවන විට එය තවත් රුපියල් කිහිපයකින් හෝ වැඩි වී තිබිය හැක. රජය සතුව මේ වන විට ඇත්තේද ඩොලර බිලියන දෙකකටත් අඩු ප්‍රමාණයකි. එම ප්‍රමාණයෙන් ගනුදනු කළ හැකිද ඉතා සීමිත ප්‍රමාණයකින් බව පසුගියදා හෙළිවිය.මේ මොහොතේදී රටට ඩොලර් ප්‍රමාණය වැඩිකර ගැනීමට ආණ්ඩුව විවිධ වැඩසටහන්වල නිරත වේ.කෙසේ හෝ නැවත අපට ඩොලරයක මිල පහත හෙළිය හැකිද?
ඩොලරය අහස උසට ගියේ. කොහොමද?
මේ වනවිට ඩොලරය රජය තීරණය කරන මිලට වඩා කළු කඩයේ මිල ඉහළ ගොස් ඇත. ඩොලරයක කළුකඩ මිල තව තවත් ඉහළ යන විට එය වළක්වා ගැනීම ඉතා අසීරු කාර්යයකි. ලංකාව තුළ මේ වන විට ඩොලර් සංචිත හෝ වත්කම් නැත. බොහෝ දෙනා පවසන පරිදි ආණ්ඩුව රුපියල පා කිරීම මීට පෙරදීම සිදුකළේනම් රට මෙතරම් අර්බුදයකට පත් නොවේ. එසේ වූවා නම් ඩොලරයේ මිල වැඩි වන්නේ කඩින් කඩය. වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදය නිර්මාණය වී තිබෙන්ම එකවර රුපියල පා කිරීමට ඉඩ සැලැස්වීම හේතුවෙනි. ඕනෑම රටක විනිමය අනුපාතය සහ පොලී අනුපාතය අතර විශාල සම්බන්ධතාවක් පවතී.
වෙනත් ආකාරයකට කිවහොත් රටේ අයවැය හිගය, බැංකුවල පොලී අනුපාතය සහ විනිමය අනුපාතය අතර එක්තරා ආකාරයක සබඳතාවක් පවතී. රටේ ආදායමට වඩා වියදම වැඩි බවිරුටේ අයවැය හිගයක් පවතී. රටේ ආදායමට සාපේක්ෂව වියදම නොමැති වූ විට විදෙස් රටවලින් හෝ ණය මුදල් ලබාගෙන රටේ වියදම පිරිමසා ගැනීමට කටයුතු කෙරිණි. එවිට රුපියල අව ප්‍රමාණය කිරීම තුළින්ම පමණක් මෙම තත්වය විසදා ගැනීමට නොහැක.මහ බැංකුව පවතින තත්වය හමුවේ රුපියල අව ප්‍රමාණය කළත්,
සිදුකළ යුතුව තිබුණේ පොලී අනුපාතයක් සමගම රජය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමය. එසේ වූවා නම් මෙම තත්වය එතරම් අමාරුවිය නොහැක. IMF පෙර වාර්ත පවා සදහන් කරනුයේ යම් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසය. මෙම සමස්ත පද්ධතියේ මුදල් යනු එක් කොටසක් පමණි. අෂ්ටක්කොට පවා සැලසුම්සහගතව සිදුකළා නම් ආර්ථිකය යම් ආකාරයකට තුලනය වෙයි. උදාහරණ ලෙස රජයේ අනවශ්‍ය වියදම් කපා හැම වැනි කාරණයකට යා හැක.
සංචිත වැඩි කරගන කටිකාලීන පියවරවලට යන්න පුළුවන්ද?
ඩොලරය නැවත පාලනය කර ගැනීමට නම් රටේ ආර්ථිකය තුලනය කර ගත යුතුය. මෙවැනි අවස්ථාවකදී රටේ ආර්ථිකය තුලනය කර ගැනීමට කෙටිකාලීන පියවර කුමක්ද යන්න පැහැදිලි කරගත යුතුය. මේ වනවිට තිබෙන්නේ රට තුළ ඩොලර් සංචිත නොමැතිවීම නම් වහාම කුමනාකාරයෙන් හෝ රටේ ඩොලර් වැඩි කර ගැනීමට පියවර ගත යුතුය. පසුගිය දිනවල ඉන්දියාවෙන් ණය ගැනීමත් එවැනි කෙටිකාලීන පියවරකි. ඉන්දියාවෙන් ණය ගැනීමත් කෙටිකාලීනව යම් තුලනයක් සාදා ගත හැකි පියවරක් වුවත්, ඊටවඩා එහා පියවර ගණනාවකට යා යුතුය. උදාහරණයක් ලෙස රටේ තිබෙන විදෙස් වෙළඳාමත් සමගම අපට යා හැකි පැතිකඩවලට යා යුතුය. රැපියල අවප්‍රමාණය කිරීම තුලින් ඩොලරයට අපවැඩියෙන් ගෙවිවද අපිට ඩොලරය වෙනුවෙන් අපනයන රටවලින් ලැබෙන ප්‍රමාණය වැඩි විය.
එවිට ඒ අපනයන ක්‍රියාවලිය විධිමත් කර දිරිමත් කළ හැකිය. විදේශ වෙළදාම රදාපවතින් ගනුදෙනු ක්‍රියාදාමය මතය. එනම් ආනයන සහ අපනයන ක්‍රියාවලියයි. ලංකාව යනු ආනයන අපනයන ක්‍රියාවලීන් දෙකම සිදුකරන රටකි. ආර්ථික න්‍යායන් තුළ විදේශ වෙළදාම යනු රටවල් දෙකටම ප්‍රතිලාභ සහිත වෙළදාමක් ලෙස හඳුන්වයි. එම නිසා ආනයනය සීමාකොට අපනයනය පමණක් සිදුකරන්නට ගියහොත් අනෙක් පාකරුවා එයට අකමැති විය හැක. එම නිසා ආනයනයට පනවා ඇති සීමාවන් යම් ආකාරයකට ලිහිල් කළ යුතුය.
ප්‍රමාණාත්මක සීමා කිරීම් වෙනුවට එම සීමාවන් යම් ප්‍රමාණයකට අඩු කර බදුවලින් වැඩි කර හෝ ආනයනය කිරීම සිදුකිරිම් ක්‍රියාවලිය ඉතා වැදගත්ය. ආණ්ඩුවට ඩොලනොමති නිසා ආනයනය සීමා කිරීම තුළින් රටට සිදුවන හානිය විශාලය. සචිත වැඩිකර ගැනීමට නම් විදේශ වෙළඳ පොළත් සමග ගනු සහ දෙනු යන ක්‍රියාවලීන් දෙකම සිදුකළ යුතු අතර, IMF විසිවක්‍රව පවසන්ද ආනයන සීමා ලිහිල් කළයුතු බවය.
එබැවින් මේ අවස්ථාවේදී කෙටිකාලීන පියවරවලට යනවා නම් විදේශ වෙළෙඳාම හැකි තරම් ප්‍රවර්ධනය කරමින් ආදායම් ලබාගැනීම සිදුකළ යුතුමය. එමෙන්ම කුමන කාලයකදී හෝ විදෙස් ශ්‍රමිකයන් එවන මුදල් නැවත ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුය. නමුත් රට මේ මොහොතේත්පත්ව ඇති තත්වය අනුව ඉහත පැවසූ ආකාරයේ කෙටිකාලීන පියවරවලට යා හැකිද යන්නත් යම් ගැටලුවකි. එයට
හේතුව වන්නේ අර්බුදයකදී එය තුලනය වීම සඳහා යම් කාලයක් ගත වන නිසාය. කාලයත් සමග තුලනය වීමට ඉඩ දී එම කාලය තුළ ඉහත කෙටිකාලීන ගැළපීම් යම් ආකාරයකින් සිදුකළ යුතුය. වියදම් අඩු කර මිනිසුන්ගේ ආදායම් වැඩි කිරීමේ ශක්තියක් එතුළින් නිර්මාණය කර ගත හැකිය.
ජනතාවගේ ආදායම වැඩි කරලා ඩොලරය පහත බස්සමු
1930 ලෝක ආර්ථික අර්බුදය නිර්මාණය වුණු අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ජාතික ජෝන් මෙනාඩි කේන්ස් විසින් කේන්සියානු න්‍යාය ඉදිරිපත් කළේය. 1930 ඇමෙරිකාවේ කොටසක් වෙළදපොළේ සිදුවුණු සිදුවීමක් හේතුවෙන් එම ආර්ථික අර්බුදය නිර්මාණය වූ අතර, කේන්ස් සිය න්‍යාය ඉදිරිපත් කරන තෙක් එම ආර්ථික අර්බුදය කිසි ලෙසකිතුලනය නොවීය. එම අවස්ථාවේදී කේන්ස් පැවසුවේ "මිනිසුන්ට කාණු කැපීමට හෝ අවස්ථාව ලබා දී මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන ක්‍රමයක් සකස්කරන ලෙසයි. එවිට මිනිසුන් අතර මුදල් රදා පැවතුණත් ඔවුන් තුළ අවශ්‍යතා නිර්මාණය වී නිෂ්පාදකයන්ට ඉල්ලුමක් ඇති වේ.
ලංකාවේ මේ වනවිට ඇතිවී තිඛෙන ආර්ථික පරිහානියට හේතුව මිනිසුන්ගේ කෑම බීම සහ අවශ්‍යතාවන් සීමා වී එබැවින් සාමාන්‍ය වෙළඳ පොළේ තත්වය අඩු වීමය. එවැනි තත්ත්වයේදී ආර්ථිකය හැසිරීම අනිවාර්යෙන්ම සිදුවේ. එය වළක්වා ගැනීමට කේන්ගේ න්‍යාය හෝ භාවිතා කළ හැකිය. මේ සදහා ආඩුව මැදිහත් වී මිනිසුන්ගේ ආදායම් ශක්තිමත් කිරීමට ක්‍රියා කළ යුතුය. එවිට ඉබේම ආර්ථිකය නැවත හිස එසවීමට පටන් ගැනේ. එමගින් ක්‍රමයෙන් රුපියල ශක්තිමත් කරගනිමින් ඩොලර් අර්බුදයට විසඳුම් නිර්මාණය වේ. නමුත් කේන්ගේ මෙම න්‍යාය කෙටිකාලීනව හෝ සිදුකිරීමට අපේ රටේ වත්මන් ආණ්ඩුවට හැකියාවක් ඇත්දැයි ගැටලුවකි. ආණ්ඩුව ඒතරමටම පහතට වැටී තිබේ.
මුදල් අච්චු ගැසීමෙන් සිදුවුණේ කුමක්ද?
මුදල් සංසරණ ප්‍රවේගයට සරිලන රටේ නිෂ්පාදනයක් සිදුනොවන්නේ නම් මුදල් මුද්‍රණයෙන් ඵලක් නොවේ. සංසරණය වන මුදලට ඉල්ලුමක් ඇත්තේත්වෙළද පොළේ භාණ්ඩ ඇත්නම් පමණි. වෙළෙඳපොළේ භාණ්ඩ හිගයක් ඇත්නම් මුදල් ඉල්ලුම පහත වැටී උද්ධමනය වැඩි වීම සිදුවේ. නූතන මුදල් න්‍යාය ලෙසින් පසුගිය කෝවිඩ් සමයේදී ඇමෙරිකාව විසින් යම් මුදල් මැවීමක් කළේය. මුදල් මැවීම සාමාන්‍යයෙන් ආර්ථික ක්‍රියාවලියේදී සිදුවන සාමාන්‍ය දෙයකි. ඇමෙරිකාව මුදල් මැවීම සිදු කලද යම්කිසි සීමාවක් තුළ හිඳගෙනය. ආණ්ඩුවට සිතු සිතු පරිදි මුදල් මැවීම සිදු කළ නොහැක.
රටේ වත්කම් සීමාවන් ඉක්මවා ගොස් මුදල් මැවීමක් සිදු කළ නොහැකිය. රටේ නිෂ්පාදන මට්ටමට වඩා මුදල් සංසරණය වීම වැඩි වනවා නම්, එතනින් සිදුවන්නේ නිෂ්පාදනයට වඩා ඉල්ලුම වැඩි වීමයි. එය යම් යම් අවස්ථාවලදී ගැළපුනත් ලංකාවේ මේ වන විට තිබෙන ආර්ථික තත්වයත්, ඩොලරයේ තත්වයත් මත එය සිදුකළ නොහැක. මුදල් මැවීමේත් උපරිම අවස්ථාවට අප පැමිණ තිබෙන බව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේද කතාබහට ලක්විය. මුදල් මුද්‍රණය කිරීම ආණ්ඩුවට පහසුවෙන් කළ හැක්කක්වුවද, එයින් සිදුවන හානිය ඉතා විශාල බව ඔවුන් මතක තබා ගත යුතුය. එබැවින් මේ මොහොතේදී විදෙස් වත්කම් ලබාගෙන හෝ විදෙස් ආයෝජනවලින් හෝ තුලනය කර ගත යුතුය.
දැන්වත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදමු
නිසි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය නොවී තිබීම හෝ ක්‍රියාත්මක නොකිරීම වත්මන් තත්ත්වයට ඇද වැටීමට ප්‍රධාන හේතුවකි. මෙම රජයට පෙර පැවති රජයන් තුළින්ද නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය නොවූ බව නොරහසකි. ආණ්ඩු මාරුවන විට අලුතෙන් පැමිණෙන ආණ්ඩු ඔවුන්ගේ සැලසුම් මත ආර්ථිකය නිර්මාණය කරනවා විනා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කටයුතු කර නැත.ඉන්දියාව ගතහොත් කවුරුන් රාජ්‍ය නායකයා ලෙස පත්වුවත්, ඔවුන්ගේ ජාතික ප්‍රමුඛතා සමග තිබෙන වැඩසටහන් දිගටම සිදුකරගෙන යයි. ලංකාවට එවැනි ක්‍රමයක් කිසි කලෙක නොතිබුණි. 1977න් පසුව නිදහස් ආර්ථික ප්‍රතිපත්තිවලට පැමිණියාට පසුව ආර්ථිකය විවෘත වීම සිදුවිය. දකුණු ආසියාවේ පළමු වරට විවෘත ආර්ථික ප්‍රතිපත්ති සකස්කළේ ශ්‍රී ලංකාවය. ඉන්දියාව, බංගලාදේශය විවෘත ආර්ථික ක්‍රමයට පැමිණියේත් ඉන්පසුවය. නමුත් ඉන්දියාව විවෘත ආර්ථිකයට පැමිණෙන විටත් දේශීය ආර්ථිකය ශක්තිමත්ව තිබුණි. ඉන්දියාවේ කර්මාන්ත නිෂ්පාදනයත්, කෘෂිකාර්මික නිෂ්පාදනයත් ශක්තිමත්ව පැවතියේය.
බංගලාදේශයට වුවත් ලංකාව පසුකර යාමට තරම් ශක්තියක් ඇත්තේ ඔවුන්ගේ රට තුළ ඇති නිෂ්පාදනය වැඩි කළ නිසාය. ලංකාව විවෘත ආර්ථිකයට පැමිණ සිදුකට තුළ නිෂ්පාදනය කළ නොහැකි දේවල් සේම ඊටතුළ නිෂ්පාදනය කළ හැකි දේවල්ද විදේශයන්ගෙන් ආනයනයට පෙලඹීමය. එමෙන්ම රට තුළ නිර්මාණය කළ හැකි දේ අප පිටරට යැවීමටද කටයුතු නොකළේය. අඩුම පිරිවැයකට භාණ්ඩ නිෂ්පාදනය කරපිටට යැවීමට හැකි රටවලට වෙළදාම් නිර්මාණය වේ. අපදා සිට අද දක්වා අපනයනය සිදුකත් සහ පොල් පමණි. නමුත්තේ සහ පොල් සමග ලංකාවට තරග කරන්නට නොහැකිය.
සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවල වියදම් අඩු කරන්ගෙනඑය දියුණු කර ගන්නට අපට නොහැකි විය. අවම වශයෙන් අගය එකතුකිරීම” හෝ අප මෙතෙක් සිදුකරත්නට පෙලඹී නැත. මේවා සියල්ලම නිසි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මගින් පැමිණිය යුතු දේය. රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීමද කාලයක් පුරාවට පැමිණි ඩොලර් අර්බුදය සහ ආර්ථික අර්බුදය මේ ආකාරයට ඉහළ යන්නට බලපා තිබේ.
කැලණිය සරසවියේ ආර්ථික විද්‍යා මහාචාර්ය මහින්ද හේනේගෙදර මහතාගේ
උපදෙස් ඇසුරින් සටහන - කැළුම් දේවින්ද (අද)
Comments
Post a Comment
Your comment will be visible after approval