11.45 am update
ලන්සා මන්ත්‍රීවරයා දන්වා සිටියේ ජනතාව කරන උද්ඝෝෂණයේ හඩට සවන් දෙනය.
ඩීවී චානක ඇමතිවරයා විදුලිබල හා බලශක්ති අර්බුදය ශ්‍රීලන්කන් සමාගමට බලපා ඇති අයුරු ගැන සභාවේ මතුවූ කරුනු පැහැදිලි කළේය. පසුව ඔහු හා පාඨලී චම්පික මන්ත්‍රීවරයා අතර වාදයක් ඇති විය.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති නැවත කතා කරමින් 26 වනදා අලි සබ්‍රි ඇමතිතුමා සභාවට පැමිණ තිබෙන ප්‍රශ්න ගැන කතා කරන ලෙස දන්වා සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතා කරමින් අන්තර්පාලනයක් මිස වෙනත් විසඳුමක් නැති බවත් රාජපක්ෂවරුන්ට දැන් පාරට බැහල යන්න බැරි තත්වය ඇති කළේ කපුටා බවත් කපුටා නිසා වෙන හානිය තමා කියූ නමුත් ගණන් නොගත් අයට දැන් තේරී පසුපපෙළට වැටී ඇති බව දන්වා සිටියේය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතා කළ යුත්තේ ජනතාවගේ ප්‍රශ්න බවත් මේ අවස්ථාවේ සෙල්ලම් කරමින් නටන බවත් චෝදනා කළේය.

ශාන්ත බණ්ඩාර නව නියෝජ්‍ය ඇමතිවරයා කතා කරමින් තමා මේ අවස්ථාවේ ඇමති ධූර වලට ගියේ රට භාරගන්න කිසිවෙකු නැති නිසා බවත් කියමින් තමන්ගේ පුද්ගලික තීරණය විස්තර කරන්නට ගියේය. එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හූ හඩවල් හා බාධා කාරීම් ඇතිවූ අතර කතානායක වරයා සභාව මිනිත්තු 10 කට කල් තැබුවේය.


11.10 am update
අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා දන්වා සිටියේ අගමැති තුමා අවසානයේ 19 නැවත ගෙන එන්න යෝජනා කිරීම ගැන සතුටු වන බවත් ජනපති ගොවීන්ගේ පොහෝර ප්‍රශ්නයට දැන් වරදක් වුනා යයි පැවසීම විහිලුවක් බවත්ය.
මාරාන්තික ලෙස ජනතාව සමග සෙල්ලම් කර ජනතාව පාරට ඇදදමා මෙවැනි දේවල් කීම අදාළ නැති බවත් ජනතාව දැන් ඉල්ලා සිටින්නේ ගෙදර යන්න කියා මිස වෙනත් යෝජනා නොවන බව කීය.
අලුත් කැබිනට්ටුවක් පත්කළ දවසේම ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දැමීම තවදුරටත් අසාර්ථක පාලනයක් බව තහවුරු කර ඇති බව කීය.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා දන්වා සිටියේ රටේ ජනතාව බඩගින්නේ සිටියදී 5 දෙනෙකුට ඩොලර් මිලියන 2 බැගින් ගෙවා ආණ්ඩුව රැකගෙන තිබෙන අවස්ථාවක් බවය.

කංචන විජේසේකර නව බල ශක්ති ඇමතිවරයා කියා සිටියේ තමන්ගේ ප්‍රථම රාජකාරිය ලෙස තෙල් මිල ඉහළ දැමීමට සිදුවීම ගැන කණගාටුවන බව කීය.

10.50 am update
විමල් වීරවංශ මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් යොමු කරමින් තමන් ඇතුළු 40 කට වැඩි පිරිසක් මේ වනවිට විපක්ෂයේ සිටින බවත් විපක්ෂයට ආවාට විපක්ෂයේ තකතිරුකම් වලට එකඟවූ බව ඇඟවෙන්නේ නැති බව කිය.
ඉන් පසු රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දන්වා සිටියේ මෙම අවස්ථාවේ රටම බලා සිටින බවත් අනවශ්‍ය දේවල් පාර්ලිමේන්තුවේ කතා නොකළ යුතු බවත් කීය. 20 අහෝසි කර 19ට යායුතු බවත් 19 ට ජනවරමක් තිබූ නමුත් 20 ට එසේ නැති බවත් කීය.

ඉන්පසු හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ විපක්ෂයේ අද දින තමන් ඇතුළු 40 පිරිසක් හිඳගත් බවත් රජයේ ක්‍රියාමාර්ගය වෙනස් විය යුතු බවත් කීය. තරුණයින්ගේ සටන සාදාරණ බවත් අද දින මාර්ග අවහිරවීම් රටපුරා වාර්තාවන බවත් මේ සියල්ල මැද රජයට ජනතාව කියන දේ තේරුම් යා යුතු බව කීය.

10.30am Update
අද දින පාර්ලිමේන්තු සභාවාරය අරඹමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායක රැස්වීමේදී එළැඹුණ තීරණ දැනුම් දුන්නේය.
ඒ අනුව ව්‍යවස්ථා වගන්ති සංශෝධනය සම්බන්ධ අවශ්‍යතා මතුව ඇතැයි දැන්වීය.

ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර ජනපති ධූරවලට ඒමට නොහැකි කිරීම
විගණනය මගින් මන්ත්‍රී වත්කම් විමසීම
අයථා මුදල් විදෙස් බැංකුවල තැන්පත් කළ අයගේ මුදල් රාජසන්ථක කරවන අණ පනත් ගෙන ඒම
ඒ අතර තිබුණි,


ඉන් පසු විපක්ෂයේ කිරිඇල්ල මන්ත්‍රීවරයා දන්වා සිටියේ 20 වන සශෝධනය අහෝසි කරවන බවට එකඟවූ තීරණයද දන්වන ලෙසයි. ඒ ගැන කතානායක ප්‍රතිචාර දක්වා සිටියේ නැත.
ඉන් පසු අගමැති මහින්ද රාජපක්ෂ කතාවක් කළේය.
දුෂ්කර අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් රටේ ප්‍රශ්න වලට විසඳුම් ගෙන එන බවත් ඔහු කීය. දවසින් දෙකින් මෙම ප්‍රශ්න අවසන් කළ නොහැකි බවත් ඊයේ ජනපති පැවසූ ලෙස ඉන්ධන හා ගෑස් ප්‍රශ්න විසඳන බවත් කීය.

ජනතාව තව බොහෝ කල් පොලිම්වල නොතබන බවද කීය.ගාලු මුවදොර තරුණ ළමයින්ට කතා කරන්නට අඩගැසූ නමුත් ඔවුන් පැමිණ ප්‍රශ්න කතා නොකළ බව කීය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව වෙනස්කම් අවශ්‍ය බව කීය. ජනපතිගේද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව කීය.

ඉන්පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියේ ජනතාවට අවශ්‍ය කවදද පොලිම් ඉවරවෙන්නේ කවදද ගෝඨා ගෙදර යන්නේ යන ප්‍රශ්න වලට විසඳුම බවයි. අද දින සජිත් ප්‍රමුඛ සජබ කන්ඩායම ගෝටා ගෝ හෝම් යයි සටහන්වූ ස්ටිකර් පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.