භාරකාර, සර්වපාක්ෂික, හවුල්, අන්තර්කාලීන ආණ්ඩු හරියන ඒවාද? - මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

Ad Code

භාරකාර, සර්වපාක්ෂික, හවුල්, අන්තර්කාලීන ආණ්ඩු හරියන ඒවාද? - මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

prof-mahanamahewa-speaks

භාරකාර ආණ්ඩුවක් යනු රටක් දේශපාලනික වශයෙත් අස්ථාවර වන විට හෝ රටක් ආර්ථික වශයෙන් අස්ථාවර වනවිට ස්ථාවරත්වයක් ඇති කරගැනීමට පිහිටුවන ආණ්ඩුවකි. භාරකාර ආණ්ඩු ලොව බොහෝ රටවල් විවිධ අවස්ථාවලදී ඇති කරගෙන තිබේ. ඉදිරියේදී රටේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ එකතුව, අර්බුදයෙන් ගොඩ ඒම සදහා යම් කාලයකට සදාගන්නා ආණ්ඩුවක් වශයෙන්ද එය හැදින්විය හැකිය. එහි අගමැතිවරයෙක් සහිත කැබිනට් මණ්ඩලයක් සහිතය. සාමාන්‍යයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් තිබෙන ප්‍රධාන පක්ෂයේ නායකවරයා අගමැති ධුරයට පත්වී, එම පක්ෂයෙන් අමාත්‍ය මණ්ඩලය පත්වීමයි.

නමුත් භාරකාර ආණ්ඩුවකදී සිදුවන්නේ සියලු දේශපාලනික පක්ෂවලින් සැදුම්ලත් නමුත් එකම ප්‍රතිපත්තියක්  ක්‍රියාත්මක කරන අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමය. කෙසේ නමුත් මෙලෙස එකම ප්‍රතිපත්තියක් කරා සියලු දේශපාලන පක්ෂවල කැමත්තගෙන කටයුතු කිරීම අපහසු තත්වයක් වුවත්,

ඉදිරියේදී යම් මැතිවරණයක් සඳහා ගමන් කරන තෙක් පමණක් මෙම හවුල් ආණ්ඩු පිහිටුවා ගනු ලබයි. මෙය සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙසද හඳුන්වාදිය හැකිය. සර්වපාක්ෂික ආණ්ඩුවක් යන්නෙන් අදහස්වත් සියලුම පක්ෂවලින් සැදුම් ලත් ආණ්ඩුවක් යන්නයි. මේ සියල්ලේම අරමුණ වී තිබෙන්නේ එකම කාරණාවකි. නමුත් මේ ආණ්ඩුවලට දිගු කාලයක් පැවතිය නොහැක. එයට හේතුවී ඇත්තේ මහජනතාවට විවිධ දේශපාලන පක්ෂ විවිධ ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කරන්දයට පැමිණි නිසා එම සියලු ප්‍රතිපත්ති එකට ගෙන Common policy එකක් සකසන්නට අපහසු වීමය.

උදාහරණ ලෙස A කියන දේශපාලන පක්ෂයට ජනතාව ඡන්දය ලබාදෙන් ඔවුන් ඉදිරිපත්කරන ප්‍රතිපත්තියට අනුවයි. ඔවුන් බලය ලබාගත් පසුව  එම ප්‍රතිපත්තිය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය අනුව ක්‍රියාත්මක කිරීම සිදුවේ. නමුත් මෙවැනි අවස්ථාවකදී එම තත්වය වෙනස්වීමක් සිදුවේ. ඒ අනුව නිශ්චිත කාලයක් සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් කරා යෑම වෙනුවෙන් ඔවුන් එකගතාවකට පැමිණිය යුතු වේ. එසේ නම් පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට පෙර සර්වපාක්ෂික එකගතාවක් ඇති කරගැනීම සිදුකළ යුතුය. ඒ සඳහා ඔවුන් රැස්වී කේවල් කිරීම් සිදුකර ගැනීමෙන් පසු අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීම සිදුවිය යුතුවේ. වෙනත් රටවල සර්වපාක්ෂික අඩු පිහිටුවා ගැනීම සිදුවන්නේ එලෙසිනි. අවබෝධතා ගිසුමක් ඇති කර ගැනීමේදී එම ගිවිසුම තුළ සදහන් විය යුතු දෙයක් වන්නේ රටේ පවතින ඒ ඒ ගැටලු විසදන ක්‍රමවේදයයි.

මෙලෙස එකගතාවක් අනුව පිහිටුවා ගන්නා ආණ්ඩුව කෙටිකාලීනව පවත්වාගෙන ගොස්, යළි මැතිවරණය පැවැත්වීමට තීරණය කිරිමෙන් පසු වෙන වෙනම තම තමන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරිම සිදුවේ. බහු පක්ෂ තිබෙන රටවල සිදුවන්නේ එලෙසය. අන්තර්කාලීන ආණ්ඩුව බොහෝ විට සමාන වන්නේ භාරකාර ආණ්ඩුවකටය. අන්තර්කාලීන ආණ්ඩුවක් කියූ පමණින් අප සිතනා ජනාධිපති යම්කිසි ආකාරයකට විධායක ධුරයේ සිටියදී. ඔහුගේ ධුරය අහෝසි වූවිට යළි ජනාධිපතිවරයක් පවනතුරු පවතින තත්වයක් ලෙසටය. විශේෂයෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් යළි තවත් ජනාධිපතිවරයෙක් පත්වනතුරු තිබෙන තත්වය ලෙස බොහෝ දෙනා අදහස් කරයි. ලංකාවේ මෙවැනි තත්වයක් මතුවූ අවස්ථාවක් වන්නේ ආර් ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයකින් මියගිය පසු කෙටි කාලයකට ඩී.බී. විජේතුංග මහතා ජනාධිපති වීම දැක්විය හැකිය. මෙහිදී ඩී.බී. විජේතුංග මහතාට එම ධුරයේ කටයුතු කරන්නට හැකියාව ලැබු යළි ජනාධිපතිවරණයක් පවත්වනතුරුය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව සිදුවිය යුත්තේ එයයි. ලංකාවේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී මීට පෙර පරිවාස ආණ්ඩු මෙරට ඇතිකරගත තිබෙනු දැකගත හැකියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති තනතුර දරන සමයේ ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව ඇති කරගත් ආණ්ඩුව පරිවාස ආණ්ඩුවකි. මෙවැනි පරිවාස ආණ්ඩු බොහෝ විට ලෝකයේ දැකගත්තට ලැබුණ දෙවන ලෝක යුධ සමයේදීය. එම ඇමෙරිකාවේ ඩිමොක්‍රටිස් රිපබ්ලිකන් පක්ෂ දෙක වරක් එරට පැවැති ණය අර්බුදය විසඳගත්තට ඒකතුව වැඩ කරනුද දැකගත හැකිවිය. එම අවස්ථාවේදී ඔවුන්ව පක්ෂවලට වඩා තමන්ගේ රට වැදගත් යනුවෙන් අදහස් කරගෙන එකට එක්වුණි. දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතු අතර, රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවෙනවා නම්, ආර්ථික අස්ථාවරභාවයක් ඇතිවෙනවානම් යම් රටක් විදේශ රටකට යටත් වී තිබීමෙන් පසු යළි භාරදුන්නේ නම් මෙවැනි පරිවාස ආණ්ඩු ඇතිකර ගැනීම සිදුවේ.



නමුත් මෙවැනි තත්වයන් ඇතැම් අප්‍රිකානු රටවල්වල දැකගන්නට නොලැබුණු අවස්ථාද පවතී. භාරකාර හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරගත් පසු අමාත්‍ය ධුර බෙදීම සම්බන්ධයෙන් මෙරට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම වටී. 19වැනි ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කැබිනට් විෂයපථ බෙදීම හා අමාත්‍යවරු පත්කිරීම, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමේ බලය තිබුණේ ජනාධිපතිවරයාගේ අභිමතය අනුවය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එයට සීමා පැනවීම සිදුවිය. නමුත් ජාතික ආණ්ඩුවක් පත්වූ විට 35දෙනකු පත්කරගත හැකිය. ජාතික ආණ්ඩුවක් ඇති කරගන්නා කීපයක් එකතුවීමෙනි. නමුත් ජාතික ආණ්ඩුවක් සඳහා පක්ෂ කිහිපයක් එකතු වීම සැමවිටම අවශ්‍ය වන්නේ නැත. වෙනත් පක්ෂයකින් එක් මන්ත්‍රීවයෙක් ආණ්ඩුවට සහය දැක්වීමට පැමිණියත්, සකසෙන්නේ ජාතික ආණ්ඩුවකි. 20වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටත් අමාත්‍යධුර බෙදීමේ හැකියාවන් ජනාධිපතිවරයා සතු කර ඇති නිසා, කුමනාකාරයේ ආඩුවක් ඉදිරියේදී පත්වුණත්, අමාත්‍ය ධුර බෙදාදීම  ජනාධිපතිවරයා සතු බලතල අනුව සිදුවන්නකි. රට අස්ථාවර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ජනාධිපති ඉවත් වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6වෙන ව්‍යවස්ථාවේ සිට 69වන ව්‍යවස්ථාව දක්වා මෙරට ව්‍යවස්ථාදායකය පිළිබද සදහන්වේ.

ඒ අනුව මොවුන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මහජන ඡන්දයකිනි. අවුරුදු 5ක් යනතුරු ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙන අතර, ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවන් අවුරුදු 2 1/2කට පසුවය. පාර්ලිමේත්තුවේ මන්ත්‍රීවරුන් 225දෙනාම ඉවත් කළ හැක්කේ මහ මැතිවරණයකින් පමණි. එසේ නොමැති නම් පාර්ලිමේන්තූවේ 225 දෙනාම ඉල්ලා අස්වීම සිදුකළ යුතුය. සමානුපාතික නියෝජන ක්‍රමය යටත්ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙනුවට ලයිස්තුවේ මීළඟට මනාප ලබා තිබෙන අය පත් කිරීමට මැතිවරණ කොමිසමට  සිදුවනු ඇත.එසේ නොමැති නම් මහ මැතිවරණයක් කරා ගමන් කළ යුතුවේ. පාර්ලිමේතුව විසුරුවා හැරීමේ බලය ජනාධිපති සතු නිසා, සියලුදෙනාටම ඉල්ලීමක් කළහොත් ව්‍යවස්ථාවේ සදහන් කර නොමැති වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්විය හැකිය. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම තම තමන්ගේ ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළ යුතුය.එසේම මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුකළ හැකිය.

සිය ධුරකාලය ඉක්ම යන්නට ප්‍රථම ජනාධිපතිවරයාට හිතෙනවා නම් තමන් ධුරයෙන් ඉවත් විය යුතු බවට, ඒ සඳහා හැකියාවක් ඇත. එලස ජනාධිපතිවරයා ඉවත් වූවිට අගමැතිවරයා හෝ අගමැතිවරයා නොමැති නම් කථානායකවරයාට එම වගකීමක් පැවරේ. එසේ නොමැති නම් දෝෂාභියෝගයක් ගෙන එකී චෝදනා ඔප්පු කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් යළි පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත්කර. එය පාර්ලිමේන්තුවෙන් සම්මත කිරිම ජනාධිපතිවරයා ධුරයෙන් පහකල හැකිය. ලංකා ඉතිහාසයේ අගමැතිවරුන් ඉල්ලා අස්වූ අවස්ථා දැකගත හැකිය. ඩඩ්ලිසේතානායක, සර් ජෝන් කොතලාවල වැනි අගමැතිවරුන් එලෙස ඉල්ලා අස් වූ අගමැතිවරුන් ලෙස දැක්විය හැකිය. රට තුළ අස්ථාවරත්වයක් ඇතිවී, බඩු මිල ඉහළ යාම, ජනතාව පාරට බැස සිදුකළ හර්තාල් ව්‍යාපාරත් සමග ඔවුන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුකරනු ලැබීය. නමුත් මෙතෙක් මෙරට කිසිම ජනාධිපතිවරයෙක් සිය ධුරයගෙන් ඉල්ලා අස්වී නොමැත.

සිදුවී ඇත්තේ තම ධුර කාලය වැඩි කරගැනීමට ජනමත විචාර පැවැත්වීමය. නමුත් ජනාධිපතිවරයෙක් තමන්ගේ ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස්කරයිනම්, ඔහුගේ  හෝ අයගේ ඉල්ලා අස්වීම කථානායකවරයාට ඉදිරිපත් කළ හැකිය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විධායකය දරණ මහා බ්‍රිතාන්‍යය වැනි රටවල අයවැය පරාද වූ විට හෝ විශ්වාසභංගයකින් ආණ්ඩුව පරාද වූ විට, ආණ්ඩුව ඉල්ලා අස්වී නව රජය පත්වනු දැකගත හැකිය. ලංකාවේ ඕනෑතරම් ඇමතිවරුන් ඉල්ලා අස්වී තිබේ.



මෙරට ජනතාව පෙළගැසී පවසන්නේ ඔවුන්ට ගෑස් නෑ, කිරිපිටි නෑ, අත්‍යවශ්‍ය සේවා සපයාගන්නට බැහැ යනාදියයි. මේවා ජනතාව පාරට බැසීමට සාධාරණ හේතු ලෙස දැක්විය හැකියි. එනම් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව මේ තුළිපෙන්නුම් කෙරේ. මේ ගැටලුවලට විසඳුම් ආණ්ඩුව විසින් සපයනතුරු ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටීමෙන් අනතුරුව, සෑම අංශයකින්ම ප්‍රගතියක් නොපෙන්වන තත්වයකදී ජනතාවට ඇති එකම විකල්පය පාරට බැස විරෝධතා දැක්වීමයි. ලෝක සමහර රටවල පාලනයත් ජනතා විප්ලව තුළින් වෙනස්කර ගත් අවස්ථා පවතී. නමුත් මෑත භාගය වැනි තත්ත්ව දකින්නට නොමැත.

සෝවියට් සමූහාණ්ඩුව, කියුබාව වැනි රටවල පාලනයන් ජනතා විද්‍යාව තුළින් වෙනස් විය. මෑතකාලීනව සිදුවී ඇත්තේ ජනතා අප්‍රසාදය හමුවේ මැතිවරණයට ගොස් පාලනයන් වෙනස් කර ගත් අවස්ථාවක්ය. ඒ නිසා ජනතා හඬට කන්දීම පවතින ආණ්ඩුව විසින් සිදුකළ යුතුය. නමුත් අපේ රටේ පවතින ගැටලුව වන්නේ මෙලස මැතිවරණයකට යැමට පාර්ලිමේන්තුව විසිරවීමට හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තූව පත්වී අවුරුදු 2 කට පසුව වීම නිසාය. ඒ අනුව ආණඩුව පිළිබදව ජනතාවගේ අප්‍රසාදයෙ මතුවෙද්දී ජනාධිපතිවරයාට යම් පියවරක් ගැනීමට හැකියවක් පවතියි. එනම් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සිදුකළ හැකිය.

මෙලස පත්කරන නවකැබිනට් මණ්ඩලය තුළ නව ආර්ථික ප්‍රතිපත්තියක් හා නව ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දී නව ගමනක් යා හැකිය. නමුත් වැදගත් කාරණය වන්නේ පුද්ගලයන් හෝ ඔළු ගෙඩි වෙනස්  කර පවතින තත්වය වෙනස් කළ නොහැකි වීමයි. සිදුවිය යුත්තේ සමස්ත පද්ධතියේම සමස්ත system එකම වෙනසක් සිදු කිරීමය. වත්මන් ආණ්ඩුවපත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ජනමත විචාරයක් දක්වා ගමන් කිරීමට හැකියාවක් තිබුනාද. එය සිදුකළේ නැත. සෝල්බරි ආණ්ඩු ක්‍රමය පැවැති කාලයේ ආණ්ඩුව වෙනස් කරන්නට  ජනතාවගෙන් 2/3 බලයක් ඉල්ලු අතර, ජනතාව විසින් එය ලබාදෙනු ලැබීය. ඉන්පසුව 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීම සිදුකරනු ලැබීය.මෙම ව්‍යවස්ථාව සකස් කරන්නට පාර්ලිමේන්තුව එකට කතුවී කෙල්සන් න්‍යායට අනුව කිරීටයෙන්  වෙනස් වී අපිට ගැළපෙන අවස්ථාවක් සකස් කර ගැනීම සිදුකරනු ලැබීය.

එසේනම් මේ අවස්ථාවේ  සිදුකළ හැකි වැදගත් ක්‍රියාවක්වන්නේ පාර්ලිමේන්තූව ව්‍යස්ථාදායක මණ්ඩලයක් ලෙස රැස්ව වහාම විධායක ජනාධිපති ක්‍රමය අනවශ්‍ය නම්, විධායක අගමැතිවරයකු සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් අවශ්‍ය නම් මාස හයක් හෝ හතක් තුළ නව ආණ්ඩුක්‍රම වවස්ථාවක් සම්මත කරගෙන සමස්ථ System එකම  වෙනස්කිරීමය. එසේ නොමැති නම් මූලික වශයෙන්ම කළ යුත්තේ 72 සිට මෙරට විටින් විට ඇති කරගත් ආකාරයට සභාග ආණ්ඩුවක් හෝ අත්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවකට ගමන් කිරීමය. 

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා
සටහන - නදීශානී පතිරණ




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu