price-hikes

තිරිගු පිටි කිලෝවක මිල අද (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව ප්‍රීමා හා සෙරෙන්ඩිප් සමාගම් විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය  තිරිගු පිටි තොග ලබා ගැනිමේදි සැම කිලෝවකටම රු 40 ක් වැඩි කර සමාගම වෙත

මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි.
එයට සමගාමිව ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු 10 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියන් පවසා ඇත..
දැනට වෙලදපොලේ ග්‍රෑම්  450 පාන් ගෙඩියක් රු 110 කට අලෙවි වන අතර, තිරිගු පිටි ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මිල 70% කින් පමණ ඉහල ගොස් ඇති බව බේකරි හිමියන් කියා සිටියි.

පාසල් වෑන් රථ ගාස්තුව රුපියල් 1000කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.


මීට පෙර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ පාසල් වෑන් ගාස්තුව ඉහළ නොදැමීමට සංගමය තීරණය කළද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (18) රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගැනිමට සිදුවූ බව ඔවුන් පෙන්වා දෙයි.
ඉන්ධන ලබා ලබා ගැනීමේ පවතින දුෂ්කරතාවයන් හේතුවෙන් පාසල් වෑන් රථ රියදුරන් මත විශාල බරක් පැටවී ඇති බවත්  මේ හේතුවෙන් ගාස්තු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයිද ඔවුන් සඳහන් කර ඇත.