
සරත් වීරසේකර හිටපු ඇමතිවරයා පාස්කු ඝාතක සහරාන් හෂීම්ට අයත්ව තිබූ වී8 වාහනයක් පාවිච්චි කරමින් සිටින බව මාධ්‍යවේදී රංග ශ්‍රී ලාල් විසින් හෙළිදරව් කර තිබෙන අතර අද දින ඒ ගැන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලේය.
එම අවස්ථාවෙහි නඩු භාන්ඩයක්වූ එම වාහනය පාවිච්චි කිරීම ගැන උත්තර දෙන්නැයි හරින් ඉල්ලා සිටි නිසා සරත් වීරසේකර මහතා උත්තරයක් දුන්නේය.
මේ ගැන තමන්ට දැනගන්නට ලැබුණ බවත් ලේකම්තුමා ගෙන් තමා විමසූ බවත් රාජසන්තක කළ වාහනයක් පොලිසියට දී පොලිසිය විශේෂ කාර්ය බලකායට සම්බන්ධ කර ඇති බවත් කීය. තමන්ට ලැබී නැති බවත් කීය.
මෙම වාහන පාවිච්චිය ගැන විමතිය පළකරමින් ඒ ගැන මනුෂ නානායක්කාර හා අනුර කුමාර මන්ත්‍රීවරයාද කතා කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval