police-rambukkana-youtube

රඹුක්කන බවුසරයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍යට අදහස් දක්වා තිබුණි.



''රඹුක්කන ප්‍රදේශයේ අති වූ සිද්ධියට අදාලව අවිස්සාවේල්ල සීතාවකපුර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශණයක් ආරම්භ කලා ....එම විමර්ෂන ඊයේ දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගනු ලැබුවා....අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසිදෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මේ විමර්ෂණ සිදුකරනු ලබනවා..

එම විමර්ෂණ කණ්ඩායම භාරව පොලිස් අධිකාරිවරයෙක් කටයුතු කරන අතර ඊට අමතරව ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් ප්‍රධාන පොලිස් පරික්ෂකවරු තිදෙනෙක්ද ඇතුළත් වෙනවා..මෙම විමර්ෂන කණ්ඩායම විසින් මේ වනවිට විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාෂ සටහන් කරගෙන තියෙනවා.ඒ වගේම මේ සිද්ධියට අදාල විවිධ ලේඛණ දහයක් පමණ ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා...එමෙන්ම එම ප්‍රදේශයේ විවිධ ස්ථානවල ඇති CCTV කැමරා දත්ත පරික්ෂා කරමින් තව දුරටත් පරික්ෂණ කටයුතු සිදු කරනවා..

ඒ වගේම විවිධ සමාජමාධ්‍ය ජලා ,YOUTUBE වල විකාශනය උන ඒ වගේම විද්‍යුත් මාධ්‍ය වල විකාශණය  උන වීඩියෝ දර්ශණ ලබාගෙන ඒ සම්බන්ධයෙන්ද පරික්ෂණ පවත්වනු ලබනවා...මීට අමතරව විශේෂයෙන්ම එක්තරා පුද්ගලයෙක් බවුසරයට ගිනි තැබීමක් හෝ ගිනි තැබීමට තැත් කිරීමක් සම්බන්ධ ඡායාරූප ඒ වගේම වීඩියෝ දර්ශණ සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම විද්‍යුත් මාධ්‍ය වල පළ උනා....ප්‍රවෘත්ති විකාශණයන් මගින් විකාශණය උනා....ඒ පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඔහුව අද දිනයේදි අත්අඩංගුවට ගනු ලැබුවා .....ඔහු 28 හැවිරිදි රඹුක්ක ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයෙක් ඔහු කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා....මෙම විමර්ෂණ කණ්ඩායම තවදුරටත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනු ලබනවා....''